ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 24:29 - Sinhala Revised Old Version

රෙබෙකාට ලාබන් නම්වූ සහෝදරයෙක් සිටියේය. ලාබන් වනාහි උල්පත ළඟ පිටත සිටි මනුෂ්‍යයා වෙතට දිව ගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

රෙබෙකාට ලාබන් නම් සහෝදරයෙක් විය. මොහු ළිඳ ළඟ සිටි මිනිසා වෙත දිව ගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

රෙබෙකාට ලාබන් නම් සහෝදරයෙක් විය. මොහු ළිඳ ළඟ සිටි මිනිසා වෙත දිව ගියේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 24:29
8 හුවමාරු යොමු  

ඔහු නාසාභරණයද තමාගේ සහෝදරීගේ අත්වල තිබෙන වළලුද දැක: ඒ මනුෂ්‍යයා මට මෙලෙස කථාකෙළේය කියා තමාගේ සහෝදරීවූ රෙබෙකා කී වචන ඇසූ කල ඒ මනුෂ්‍යයා වෙතට ගියේය; බලව, ඔහු උල්පත ළඟ ඔටුවන් වෙත සිටියේය.


තරුණී ටික දවසක්, දස දවසක්වත්, අප සමඟ සිටීවා; ඉන්පසු යන්ට පුළුවනැයි කීවෝය.


ඔව්හු රෙබෙකාට ආශීර්වාදකරමින්: අපගේ සහෝදරිය, නුඹ දහස්වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙන්න, නුඹේ වංශය තමන්ට වෛරකරන්නවුන්ගේ දොරටුව හිමිකර ගනීවයි කීවෝය.


ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.


එහෙයින් මාගේ පුත්‍රය, නුඹ මාගේ හඬට ඇහුම්කන්දී පිටත්ව මාගේ සහෝදරවූ ලාබන් වෙතට හාරාන්ට පලායන්න;


නුඹ පිටත්වී පදන්-අරාමෙහි නුඹේ මවුගේ පියවූ බෙතුයෙල්ගේ ගෙදරට ගොස් එතැනින් නුඹේ මවුගේ සහෝදරවූ ලාබන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක් පාවාගන්න.


ලාබන් තමාගේ සහෝදරීගේ පුත්‍රවූ යාකොබ් ගැන ආරංචිය ඇසූ විට ඔහු සම්බවෙන්ට දිවගොස් ඔහු වැලඳගෙන සිඹ, ඔහු තමාගේ ගෙට කැඳවාගෙන ගියේය. ඔහු මේ සියලු කරුණු ලාබන්ට කීයේය.


නාහොර්ගේ පුත්‍රවූ ලාබන් අඳුනවුදැයි ඔහු ඔවුන්ගෙන් ඇසීය. අඳුනමුයයි ඔව්හු කීවෝය.