ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 19:7 - Sinhala Revised Old Version

මාගේ සහෝදරයිනි, මෙබඳු දුෂ්ටකමක් නොකරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු ඔවුන් අමතා, “මිතුරෙනි, මම වැඳ ඔබට කියමි: මෙවැනි නපුරුකමක් නොකරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු ඔවුන් අමතා, “මිතුරෙනි, මම වැඳ ඔබට කියමි: මෙවැනි නපුරුකමක් නොකරන්න.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 19:7
13 හුවමාරු යොමු  

නුමුත් ඔවුන් නින්දට පළමුවෙන් නුවර මනුෂ්‍යයෝ, එනම් සොදොමේ මනුෂ්‍යයෝ වූ සියලු දිගින් ආවාවූ තරුණයෝද මහල්ලෝද යන මුළු සෙනඟ ගෙය වටකරගත්තෝය;


ලොත් දොරකඩින් නික්ම දොර වසා ඔවුන් ළඟට ගොස්:


මෙන්න, පුරුෂයෙකු නෑඳින්න දූවරු දෙදෙනෙක් මට සිටිති; ඔවුන් නුඹලා ළඟට පිටතට ගෙනෙන්ට ඉඩදෙන්න, නුඹලාට හොඳව පෙනෙන ලෙස ඔවුන්ට කරන්න; එහෙත් මේ මනුෂ්‍යයන් මාගේ පියස්ස යටට ඇවිත් සිටින නිසා ඔවුන්ට කිසිවක් නොකරන්නැයි කීය.


ගැහැනුන් සමඟ මෙන් පිරිමින් සමඟ සංවාසය නොකරන්න. ඒක පිළිකුලක්ය.


මනුෂ්‍යයෙක් ගැහැනියකු සමඟ සයනයකරන්නාක්මෙන් පිරිමියෙකු සමඟ සයනයකළොත් ඔවුන් දෙදෙනාම පිළිකුලක් කළෝය. ඔව්හු සැබවින් මරනු ලැබිය යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය.


උන්වහන්සේ පිළියෙළකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.


එබැවින් ඔවුන් තම තමුන්ගේ සිත්වල තෘෂ්ණා කරණකොටගෙන තමුන්ගේ ශරීරවලට අවමාන්නකරගන්න හැටියට දෙවියන්වහන්සේ ඔවුන් අපවිත්‍රකමට පාවාදුන්සේක.


ඉශ්‍රායෙල් දූවරුන්ගෙන්වත් ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන්වත් කිසිවෙක් වේශ්‍යාකමට කැප නොවේවා.


එසේ සොදොම සහ ගොමොරාවද අවට නුවරවල්ද මොවුන් සේම තුමූම වේශ්‍යාකමට භාරවී, අන්‍ය මාංසය පස්සේ ගොස්, සදාකාල ගින්නේ දඬුවම විඳිමින්, අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති.


එවිට ගෙදර ස්වාමියාවූ ඒ මනුෂ්‍යයා පිටතට ඔවුන් වෙතට ගොස් ඔවුන්ට කථාකොට: අනේ මාගේ සහෝදරයෙනි, එසේ නොවේවා, එපමණ දූෂ්‍යකම් නොකරන්න; මේ මනුෂ්‍යයා මාගේ ගෙට ඇවිත් සිටිද්දී ඔය නින්දිතකම නොකරන්න.


තවද එබෙද්ගේ පුත්‍රවූ ගයල් තමාගේ සහෝදරයන් සමඟ ෂෙකෙම්ට පැමින්නේය. ෂෙකෙම් වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.