තවද දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට කථාකොට: නුඹේ භාර්යාවවූ සාරයිට වනාහි සාරයි යන නාමය නොකියව, ඇගේ නාමය සාරා වන්නේය.
උත්පත්ති 17:14 - Sinhala Revised Old Version තමාගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය නොකරනලද අචර්මඡේදිත පිරිමියෙක් ඇද්ද ඒ තැනැත්තා තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය; ඔහු මාගේ ගිවිසුම කඩකෙළේයයි කීසේක. Sinhala New Revised Version ලිංගාග්‍ර චර්මය ඡේදනය නොකළ අචර්මඡේදිත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු මාගේ ගිවිසුම කඩ කර ඇති බැවිනි.” Sinhala New Revised Version 2018 ලිංගාග්‍ර චර්මය ඡේදනය නොකළ අචර්මඡේදිත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු මාගේ ගිවිසුම කඩ කර ඇති බැවිනි.” |
තවද දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට කථාකොට: නුඹේ භාර්යාවවූ සාරයිට වනාහි සාරයි යන නාමය නොකියව, ඇගේ නාමය සාරා වන්නේය.
අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරිය දීම අපට නින්දාවක් බැවින් මේ කාරණය කරන්ට අපට නුපුළුවන.
සත් දවසක් නුඹලා මුහුන් නුමුසු රොටි කෑ යුතුය; ප්‍රථම දවසෙහිම නුඹලාගේ ගෙවලින් මුහුන් බැහැරකළ යුතුය. මක්නිසාද ප්‍රථම දවස පටන් සත්වෙනි දවස දක්වා මුහුන් මුසු රොටි කන කවරෙක් නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් සිඳදමනු ලබන්නේය.
සත් දවසක් නුඹලාගේ ගෙවල මුහුන් නොතිබිය යුතුය. මක්නිසාද විදේශියෙක් වේවා, දේශයෙහි උපන් කෙනෙක් වේවා, මුහුන් මුසු දේ කන කවරෙක් නුමුත් ඉශ්‍රායෙල් සභාවෙන් සිඳිනු ලබන්නේය.
ඊට සමානව ඒවා මිශ්‍රකරන්නා හෝ එයින් විදේශියෙකුට ගාන්නා හෝ තමන්ගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේයයි කියන්නැයි කීසේක.
සුවඳ පිණිස ඊට සමාන සුගන්ධයක් සාදන කවරෙක් නුමුත් තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක.
පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ; මක්නිසාද ඔව්හු ව්‍යවස්ථාවන් කඩකොට, නියෝගය වෙනස්කර, සදාකාල ගිවිසුම කඩකළෝය.
මහමාවත් පාළුවී තිබේ, මගයන කෙනෙක් නැත. ඔහු ගිවිසුම කඩකෙළේය, නුවරවල් සුළුකෙළේය, ඔහු කිසි මනුෂ්‍යයෙකු නොසලකයි
ඔව්හු මාගේ වචන අසන්ට අකැමැතිවූ ඔවුන්ගේ පළමු පියවරුන්ගේ අපරාධවලට හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඒවා පස්සේ ගියෝය. ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශයත් මා විසින් ඔවුන්ගේ පියවරුන් හා සමඟ කළ ගිවිසුම කඩකර තිබේ.
ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම වාගේ නොවේය; මම ඔවුන්ට ස්වාමිපුරුෂයෙක්ව සිටියෙම් නුමුත් ඔව්හු ඒ මාගේ ගිවිසුම කඩකළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹලා මාගේ ආහාර වන තෙලද ලේද ඔප්පුකරන විට, මාගේ ගෘහය කෙලහන හැටියට මාගේ ශුද්ධස්ථානයෙහි සිටීමට අචර්මඡේදිත සිත්ද අචර්මඡේදිත මාංසද ඇති විදේශීන් ඒක ඇතුළට ගෙනාවහුය; නුඹලාගේ සියලු පිළිකුල්කම් මදිවාට ඔව්හු මාගේ ගිවිසුමත් කඩකළෝය.
මක්නිසාද කවුරු නුමුත් මේ පිළිකුල්කම්වලින් කිසිවක් කළොත් එසේ කරන අය තමුන්ගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නෝය.
එය කන තැනැත්තේ තමාගේ අපරාධය දරන්නේය, මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේ අපවිත්‍රකෙළේය. ඒ තැනැත්තා තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
කුමක්හෙයින්ද මනුෂ්‍යයන් විසින් ස්වාමීන්වහන්සේට ගින්නෙන් පූජා කිරීමට ඔප්පුකරන්නාවූ මෘගයෙකුගේ තෙල කන කවරෙක් නුමුත් තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය.
නුමුත් පවිත්‍රවූ, ගමනක යෙදී නොසිටින මනුෂ්‍යයෙක් පාස්කුව නොපවත්වා සිටින්නේනම්, ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය. ස්වාමීන්වහන්සේගේ පූජාව ඊට නියමකළ කාලයෙහි ඔප්පුනොකළ බැවින් ඒ මනුෂ්‍යයා තමාගේ පාපය දරනවා ඇත.
එහෙයින් නුසුදුසුලෙස මේ රොටි කන්නාවූ නොහොත් ස්වාමීන්වහන්සේගේ කුසලානෙන් බොන්නාවූ කවරෙකු නුමුත්, ස්වාමීන්වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය.
ඒ කුසලානෙන් බීවාවේ. මක්නිසාද කන්නාවූ බොන්නාවූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම්, ඔහු තමාටම දඬුවම් පැමිණෙන ලෙස කන්නේය, බොන්නේය.