නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිකරන්නෙමි. එසේ හෙයින් මනුෂ්‍යයෙකුට පොළොවේ ධූලි ගණන්කරන්ට පුළුවන්නම් නුඹේ වංශයත් ගණන් කළ හැකි වන්නේය.
උත්පත්ති 16:10 - Sinhala Revised Old Version තවද ස්වාමීන්වහන්සේගේ දූතයා: නුඹේ වංශය ගණන්කළ නොහැකි තරම් සමූහයක් වන පිණිස බොහෝසෙයින් වැඩිකරන්නෙමියි ඈට කීසේක. Sinhala New Revised Version ඔහු තවදුරටත් මෙසේ කී ය. “බොහෝ දරු පල මම ඔබට දෙමි; ගණන් නොකළ හැකි තරම් විපුල දරු පල ඔබට දෙමි. Sinhala New Revised Version 2018 ඔහු තවදුරටත් මෙසේ කී ය. “බොහෝ දරු පල මම ඔබට දෙමි; ගණන් නොකළ හැකි තරම් විපුල දරු පල ඔබට දෙමි. |
නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිකරන්නෙමි. එසේ හෙයින් මනුෂ්‍යයෙකුට පොළොවේ ධූලි ගණන්කරන්ට පුළුවන්නම් නුඹේ වංශයත් ගණන් කළ හැකි වන්නේය.
එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා: නුඹේ ස්වාමිදුව වෙතට හැරී ගොස් ඈට යටත්ව සිටින්නැයි කීසේක.
මම ඉෂ්මායෙල් ගැනත් නුඹේ බස් ඇසීමි. බලව, ඔහුට ආශීර්වාද කෙළෙමි, ඔහු සඵලකරමින් අතිශයින් වැඩිකරන්නෙමි; ඔහුට දාව අධිපතීන් දොළොස් දෙනෙක් උපදින්නෝය, මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි.
ඔහු ඉදිරියෙන් ඈත්ව දුනුසැරයක් පමණ දුරින් හිඳගත්තාය. මක්නිසාද: දරුවාගේ මරණය මට නොපෙනේවයි ඈ කීවාය. ඈ ඔහුට ඉදිරිපිටින් හිඳගෙන ශබ්දනගා හැඬුවාය.
නැගිට ළමයා ඔසවා නුඹේ අතින් අල්ලා ගන්න. මක්නිසාද මම ඔහු මහත් ජාතියක් කරන්නෙමියි කීසේක.
ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක්වූසේක, උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැළෙවුවේය. උන්වහන්සේ තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදා, පුරාණයේ සියලුම දවස්වල ඔවුන් උසුලා ගෙන ගියසේක.
මෙන්න, මාගේ දූතයා එවමි, ඔහු මට පෙරටුව මාර්ගය පහදන්නේය. එවිට නුඹලා සොයන ස්වාමීන්වහන්සේ හදිසියෙන් තමන් මාළිගාවට එනසේක; එසේය, නුඹලා ආශාවන ගිවිසුමේ දූතයා එන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
කිසිවෙක් කිසිකලක දෙවියන්වහන්සේ දුටුවේ නැත; පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශකළසේක.
කිසිවෙකුට ළඟාවෙන්ට බැරි ආලෝකයෙහි වසන්නාවූ, කිසි මනුෂ්‍යයෙකු විසින් නුදුටුවාවූ, දකින්ටත් බැරිවූ තැනන්වහන්සේ ඒ ප්‍රකාශවීම නියම කාලවලදී පෙන්වනවා ඇත. උන්වහන්සේට ගෞරවයත් සදාකාල පරාක්‍රමයත් වේවා. ආමෙන්.
ස්වාමීන්වහන්සේගේ දූතයා ඇවිත් අබියෙශ්‍රීය යෝවාෂ්ට අයිතිවූ ඔප්‍රාහි තිබෙන අලෝන ගස යට හිඳගත්තේය. යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඩිමින් සිටියේය.
ස්වාමීන්වහන්සේද: සැබවින් මම නුඹ සමඟ සිටින්නෙමි, නුඹ එක්කෙනෙකුට මෙන් මිදියන්වරුන්ට පහරදෙන්නෙහියයි ඔහුට කීසේක.