මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න.
උත්පත්ති 14:16 - Sinhala Revised Old Version ඔහු තම සහෝදරවූ ලොත් සහ ඔහුගේ සම්පත්ද ස්ත්‍රීන්ද සෙනඟද ආපසු ගෙනායේය. Sinhala New Revised Version තවද, ආබ්‍රම් සියලු වස්තුව ද තම ඥාතිවර ලොත් ද ඔහුගේ ධන සම්පත ද ස්ත්‍රීන් හා අල්ලාගත් සෙනඟ ද ආපසු ගෙනාවේ ය. Sinhala New Revised Version 2018 තවද, ආබ්‍රම් සියලු වස්තුව ද තම ඥාතිවර ලොත් ද ඔහුගේ ධන සම්පත ද ස්ත්‍රීන් හා අල්ලාගත් සෙනඟ ද ආපසු ගෙනාවේ ය. |
මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න.
ආබ්‍රම් තමාගේ සහෝදරයා අල්වාගෙන ගිය බව ඇසූ කල තමාගේ ගෙයි උපන්නාවූ පුරුදුකරනු ලැබූ ස්වකීය මිනිසුන් තුන්සිය දසඅට දෙනෙකු රැගෙන දාන් දක්වා ලුහුබැඳ ගියේය.
එවිට යෝසෙප් තමන් පියා තැන්පත්කරන පිණිස ගියේය. ඵාරාවෝගේ සියලු මෙහෙකරුවෝද ඔහුගේ ගෙයි වැඩිමහල්ලෝද මිසර දේශයේ සියලු වැඩිමහල්ලෝද
පෙරදිගින් කෙනෙකු නැගුටුවා ධර්මිෂ්ඨකමින් තමන්ගේ පාමුලට කැඳවාගත්තේ කවුද? උන්වහන්සේ ඔහු ඉදිරියේ ජාතීන් පාවාදී, ඔහු ලවා රජුන් ආණ්ඩුකරවනසේක; උන්වහන්සේ ඔහුගේ කඩුවට ධූලි මෙන්ද ඔහුගේ දුන්නට හුළඟින් ගසාගනයන ඉපනැලි මෙන්ද ඔවුන් පාවාදෙනසේක.
මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක.