උන්වහන්සේ ඔහුට කථාකොට: මම වනාහි මේ දේශය උරුමකරගන්ට නුඹට දෙන පිණිස ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරින් නුඹ ගෙනාවාවූ ස්වාමීන්වහන්සේයයි ඔහුට කීසේක.
උත්පත්ති 12:1 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹේ මවු බිම ද නුඹේ නෑදෑයන් ද නුඹේ පියාගේ ගෘහය ද අත්හැරදමා, මා පෙන්වන්නට යන දේශයට යන්න. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹේ මවු බිම ද නුඹේ නෑදෑයන් ද නුඹේ පියාගේ ගෘහය ද අත්හැරදමා, මා පෙන්වන්නට යන දේශයට යන්න. |
උන්වහන්සේ ඔහුට කථාකොට: මම වනාහි මේ දේශය උරුමකරගන්ට නුඹට දෙන පිණිස ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරින් නුඹ ගෙනාවාවූ ස්වාමීන්වහන්සේයයි ඔහුට කීසේක.
තවද දෙවියන්වහන්සේ මාගේ පියාගේ ගෙයින් යන්ට මට සැලැස්සූ කල මම ඈට කථාකර: නුඹ මට පෙන්විය යුතු කරුණාව මේය, අප පැමිණෙන්නාවූ සියලු තැන්හිදීම-ඔහු මාගේ සහෝදරයායයි මා ගැන කියන්නැයි කීමියි කීයේය.
මාගේ පියාණන්ගේ ගෙටද මාගේ නෑයන් වෙතටද ගොස් මාගේ පුත්‍රයාට භාර්යාවක් ගන්න කියා මා දිවුරෙවුවේය.
මාගේම දේශයටද මාගේම නෑයන් වෙතටද ගොස් මාගේ පුත්‍රවූ ඊසාක්ට භාර්යාවක් ගන්නා හැටියට ස්වර්ගයේ දෙවියන්වහන්සේද පොළොවේ දෙවියන්වහන්සේද වූ ස්වාමීන්වහන්සේ ගැන මා විසින් නුඹ දිවුරවන පිණිස නුඹේ අත මාගේ කළවය යට තබන්නැයි කීයේය.
මාගේ පියාණන්ගේ ගෙදරින්ද මා උපන් දේශයෙන්ද මා ගෙනාවාවූ, මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කියා මට කීවාවූ මට දිවුළාවූ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේම තමන් වහන්සේගේ දූතයා නුඹට පෙරටුව යවනසේක; නුඹ එතැනින් මාගේ පුත්‍රයාට භාර්යාවක් ගෙනෙන්නෙහිය.
ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මිසරයට නොගොස් මා විසින් නුඹට කියන දේශයෙහි වාසය කරන්න, මේ දේශයෙහි විදේශීව සිටින්න,
ඔබ වනාහි ආබ්‍රම් තෝරාගෙන, ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවුත්, ආබ්‍රහම් යන නම ඔහුට තැබුවාවූ දෙවිවූ ස්වාමීන්වහන්සේය;
මාගේ පියවරුන් විසින් නැතිකළාවූ ගෝසාන්ද හාරාන්ද රෙශෙප්ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් පුත්‍රයන්ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවාගත්තෝද?
මා විසින් පොළොවේ කෙළවරින් අල්ලාගෙන, එහි සීමාවලින් කැඳවාගෙන: නුඹ මාගේ මෙහෙකරුවාය, මම නුඹ පහකර නොදමා තෝරාගතිමියි කියා මා විසින් කියනලද්දාවූ නුඹ,
නුඹලාගේ පියවූ ආබ්‍රහම්ද නුඹලා බිහිකළ සාරාද බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි.
මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් දේශයෙහි තිබෙන ඒ පාළු ඉඩම්වල වසන්නෝ කථාකොට–ආබ්‍රහම් එක්කෙනෙක්ව සිටි නුමුත් ඔහුට දේශය උරුමවිය. අපි වනාහි බොහෝ දෙනෙක්ය; දේශයද උරුමයක් කොට අපට දී තිබේයයි කියති.
එබැවින්– නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන,
ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවනු ලැබූ කල තමාට උරුමයක් පිණිස පසුව ලැබෙන්ට තිබුණු ස්ථානයකට පිටත්ව යන හැටියට කීකරුවී, තමා කොතැනට යනවාදැයි නොදැන පිටත්ව ගියේය.
තවද: මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව එන්නැයි කියන වෙන හඬක් ස්වර්ගයෙන් මට ඇසුණේය.