උත්පත්ති 10:7 - Sinhala Revised Old Version කූෂ්ගේ පුත්‍රයෝ නම්: සෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකාය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන්ය. Sinhala New Revised Version කුෂ්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකා ය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය. Sinhala New Revised Version 2018 කුෂ්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකා ය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය. |
ෂෙබායේ බිසව ස්වාමීන්වහන්සේගේ නාමයේ හේතුවෙන් සාලමොන්ට තිබෙන කීර්තිය අසා ගූඪ ප්‍රශ්නවලින් ඔහු පරීක්ෂාකරන පිණිස ආවාය.
කූෂ්ගේ පුත්‍රයෝනම්: සෙබා, හවීලා, සබ්තා, රායමා සහ සබ්තෙකාය. රායමාගේ පුත්‍රයෝනම්: ෂෙබා සහ දෙදාන්ය.
ෂෙබාවරු හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය; මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
අරාබිය ගැන දිව්‍ය ප්‍රකාශනයය. අහෝ කණ්ඩායම් වශයෙන් ගමන් කරන දෙදාන්වරුනි, අරාබියේ පඳුරු අතරේ නුඹලා නවාතැන් ගන්නවා ඇත.
මක්නිසාද මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, නුඹේ ගැළවුම්කාරයා වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි.
දෙදාන්හි මනුෂ්‍යයෝ නුඹේ වෙළෙන්දෝව සිටියෝය. බොහෝ ද්වීපයෝ නුඹ යටතේ වෙළඳාම්කළෝය; ඔව්හු ඇතුන්ගේ දළ සහ කළුවර ලී හුවමාරුවට නුඹ කරා ගෙනාවෝය.
ෂෙබා සහ රාමාහි වෙළෙන්දෝ නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ සියලු ආකාර උතුම් සුවඳ ද්‍රව්‍යද සියලු ආකාර අනර්ඝ ගල්ද රන්ද ගනුදෙනුකළෝය.