මොවුන්ගෙන්, ජාතීන්ගේ ද්වීප වැසියෝ තම තමන්ගේ දේශයන්හි ඔවුනොවුන්ගේ භාෂාවල ප්‍රකාරයටද ඔවුන්ගේ ජාතිවල ඔවුන්ගේ පවුල් ප්‍රකාරයටද බෙදුණෝය.
උත්පත්ති 10:6 - Sinhala Revised Old Version හාම්ගේ පුත්‍රයෝනම්: කූෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන්ය. Sinhala New Revised Version හාම්ගේ පුත්‍රයෝ නම්: කුෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන් ය. Sinhala New Revised Version 2018 හාම්ගේ පුත්‍රයෝ නම්: කුෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන් ය. |
මොවුන්ගෙන්, ජාතීන්ගේ ද්වීප වැසියෝ තම තමන්ගේ දේශයන්හි ඔවුනොවුන්ගේ භාෂාවල ප්‍රකාරයටද ඔවුන්ගේ ජාතිවල ඔවුන්ගේ පවුල් ප්‍රකාරයටද බෙදුණෝය.
තවද නැවෙන් පිටතට ගියාවූ නෝවාගේ පුත්‍රයෝනම්: ෂෙම්, හාම් සහ යඵෙත්ය. හාම් කානාන්ගේ පියාය.
කානාන්ගේ පියාවූ හාම් තමාගේ පියාගේ නග්නභාවය දැක පිටත සිටි තමාගේ සහෝදරයන් දෙදෙනාට කීය.
හොඳ සරු තණබිම් ඔවුන්ට සම්බවිය, දේශයද දෑතටම විශාලව නිශ්චලව සමාදාන සහිතව තිබුණේය; මක්නිසාද ප්‍රථම එහි වාසය කළ අය හාම්ගෙන් පැවත ආවෝය.
හාම්ගේ කූඩාරම්වල සිටි ඔවුන්ගේ ශක්තියේ ප්‍රථමඵලවූ මිසරයේ සියලු කුලුඳුලන්ට පහරදුන්සේක.
තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනඟ මුදාගන්ට දෙවෙනි වර තමන් අත දිගුකරනසේක.
අශ්වයෙනි, නැගීයව්; රථයෙනි, වේගයෙන් දුවන්න; බලවන්ත මනුෂ්‍යයෝ වන පලිහ අල්ලන කූෂ්වරුද පූට්වරුද දුනු අල්ලා තැත් කවන ලුදිවරුද පිටතට යෙත්වා.
පාර්සිවරුද ලූද්වරුද පුට්වරුද නුඹේ සේනාවෙහි සිටියෝය; ඔව්හු නුඹේ යුද්ධකාරයෝය. ඔව්හු පලිස්ද යුද්ධ තොප්පිද නුඹ තුළ එල්ලා, නුඹේ ශෝභනකම දක්වාලූවෝය.
ඔවුන් සමඟ පාර්සිවරුද කූෂ්වරුද පූට්වරුද සිටිති; ඔවුන් සියල්ලන්ට පලිස්ද යුද්ධ තොප්පිද තිබේ.