ආමොස් 6:12 - Sinhala Revised Old Version නොවටිනා දෙයක් ගැන සන්තෝෂවෙන්නාවූ, අපේම බලයෙන් අපි අං ලබා නොගතිමුදැයි කියන්නාවූ තැනැත්තෙනි, Sinhala New Revised Version අශ්වයන්ට පර්වත මත පැන පැන ගිය හැකි ද? ගොනුන් ලවා මුහුද සීසාන්නට පුළුවන් ද? එහෙත් ඔබ යුක්තියට විස පොවා, ඇත්ත නැත්ත කර ඇත. Sinhala New Revised Version 2018 අශ්වයන්ට පර්වත මත පැන පැන ගිය හැකි ද? ගොනුන් ලවා මුහුද සීසාන්නට පුළුවන් ද? එහෙත් ඔබ යුක්තියට විස පොවා, ඇත්ත නැත්ත කර ඇත. |
ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් විශ්වාසකම දෙස යොමා තිබෙනවා නොවේද? ඔබ ඔවුන්ට පහරදුන්සේක, නුමුත් ඔවුන්ට රිදුණේ නැත; ඔබ ඔවුන් නාස්තිකළසේක, නුමුත් ඔව්හු හික්මවීම පිළිනොගෙනම සිටියෝය. ඔව්හු තමුන්ගේ මුහුණ පර්වතයකට වඩා දැඩිකරගෙන, හැරීඑන්ට අකැමැතිවූවෝය.
නුඹලා දුෂ්ටකම හෑවහුය, අයුතුකම කපාගත්තහුය; බොරුවල ප්‍රතිඵල කෑවහුය. මක්නිසාද නුඹ නුඹේ මාර්ගයත් නුඹේ බලවතුන් රාශියත් කෙරෙහි විශ්වාස කෙළෙහිය.
ඔව්හු බොරුවට දිවුරා ගිවිසුමක් කරමින්, නිෂ්ඵල වචන කියති. එබැවින් විනිශ්චයද කෙතේ හීවිටිවල හටගන්න කොසඹ මෙන් හටගනියි.
මම එය තුළෙන් විනිශ්චයකාරයා සිඳදමා, එහි සියලු අධිපතීන් ඔහු සමඟ මරාදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද බලාත්කරකමේ ප්‍රයෝජනද කොල්ලයද තමුන්ගේ මාළිගාවට රැස්කරගන්න තැනැත්තෝ යුතුකම්කරන්ට නොදනිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ස්වාමීන්වහන්සේ සොයන්න, එවිට නුඹලා ජීවත්වන්නහුය; නැත්නම් උන්වහන්සේ ගින්නක් මෙන් යෝසෙප් වංශය පිටට පැමිණෙනවා ඇත, බෙතෙල්හි නිවන්ට කෙනෙක් නැතුව එය ඇවිළෙනවා ඇත.
නපුර වීර්යයෙන් කරන්ට දෑත පොවා තිබේ; අධිපතියාද විනිශ්චයකාරයාද තෑග්ගක් ඉල්ලති; උත්තමයාද තමාගේ සිතේ නපුරු ආශාව කියයි. එසේ ඔව්හු ඒක යොදාගනිති.