Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 6:11 - Sinhala Revised Old Version

11 මක්නිසාද ස්වාමීන්වහන්සේ නියමකර තිබෙන හැටියට ලොකු ගෘහය කැඩුම් ඇතිවන ලෙසත් කුඩා ගෘහය පැළුම් ඇතිවන ලෙසත් ඒවාට පහරදෙනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 සමිඳාණන් වහන්සේ අණ කරන විට ලොකු කුඩා ගෙවල් සියල්ල සුණු විසුණු වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 සමිඳාණන් වහන්සේ අණ කරන විට ලොකු කුඩා ගෙවල් සියල්ල සුණු විසුණු වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 6:11
21 හුවමාරු යොමු  

මම ශීත සෘතු නිවාසයටත් ග්‍රීෂ්ම සෘතු නිවාසයටත් පහරදෙන්නෙමි. ඇත්දත් ගෙවල් විනාශවෙනවා ඇත, මහත් ගෙවල්ද පහවෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.


ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජ ගෙයද යෙරුසලමේ සියලු ගෙවල්ද ගිනිලෑවේය, ලොකු ගෙවල් සියල්ලම ඔහු ගින්නෙන් දවාදැමුවේය.


නුඹ සහ නුඹ තුළ සිටින නුඹේ දරුවන්ද පොළොවේ ගසා, නුඹ තුළේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේයයි කීසේක.


එසේය, මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයට රැස්කරන්නෙමි; නුවරද අසුවී, ගෙවල් කොල්ලකනු ලබන්නේය, ස්ත්‍රීහු බලාත්කාරකරනු ලබන්නෝය. නුවරුන්ගෙන් දෙකෙන් කොටසක් වහල්කමට යනවා ඇත, සෙනඟගෙන් ඉතිරි කොටස නුවරින් සිඳදමනු නොලැබේ.


[අෂූරියයා,] නුඹ ගැන ස්වාමීන්වහන්සේ මෙසේ අණකළසේක: නුඹේ නාමය තවත් පැවත නොඑන්නේය. මම නුඹේ දෙවිවරුන්ගේ ගෘහයෙන් කැපූ රූපයත් වාත්තු රූපයත් සිඳදමා, නුඹ නීච නිසා නුඹේ මිනීවළ පිළියෙළකරන්නෙමි.


කිසි ඇටයක් බිම නොවැටෙන හැටියට පෙනේරෙන් හලන්නාක්මෙන් මම අණකර, ඉශ්‍රායෙල් වංශය සියලු ජාතීන් අතරෙහි හලන්නෙමි.


ස්වාමීන්වහන්සේ පූජාසනය ළඟ සිටිනවා දුටිමි. උන්වහන්සේ කථාකොට: උළුවහු සෙලවෙන හැටියට පේකඩවලට ගසා, ඒවා ඔවුන් සියල්ලන්ගේ හිස් පිට කඩාදමන්න; ඔවුන්ගෙන් ඉතිරිවෙන්නන් කඩුවෙන් මරන්නෙමි. ඔවුන්ගෙන් කිසිවෙක් පලා නොයන්නේය, ඔවුන්ගෙන් කිසිවෙක් නොගැළවෙන්නේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන් ගැනම දිවුරමින් සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක, මම යාකොබ්ගේ තේජසට පිළිකුල්කොට, ඔහුගේ මාළිගාවලට ද්වේෂකරමි. එබැවින් මම නුවර සහ එහි සියල්ලද පාවාදෙන්නෙමි.


සමාරිය ස්වකීය දෙවියන්වහන්සේට විරුද්ධව කැරළිගැසූ නිසා අච්චුලබන්නීය. ඔව්හු කඩුවෙන් වැටෙන්නෝය; ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝය, ඔවුන්ගේ ගර්භිණීන්ද ඉරාදමනු ලබනවා ඇත.


මාගේ කැපවූවන්ට මම අණ කෙළෙමි, එසේය, උඩඟුව ප්‍රීතිමත්වන්නාවූ මාගේ බලවන්තයන්ට මාගේ උදහස සඳහා අඬගැසීමි.


කම්මැළිකම නිසා වහල දිරා වැටෙන්නේය; අත්වල අලසකම නිසා ගෙය තෙමෙන්නේය.


උන්වහන්සේ කථාකළසේක, පළඟැටියෝද අසංඛ්‍ය ගණන් දළඹුවෝද අවුත්,


උන්වහන්සේ කථාකළසේක, එවිට මැසිරංචුද ඔවුන්ගේ රට මුළුල්ලෙහි කිනිතුල්ලෝද පිරුණෝය.


උන්වහන්සේ දේශයට දුර්භික්ෂයක් පමුණුවා, මුළු ආහාර වෘත්තිය සිඳදැමූසේක.


එබැවින් නුඹලා දුප්පතා පාගා, ඔහුගෙන් ධාන්‍ය-ඔතු ගන්න නිසා, නුඹලා කැපූ ගල්වලින් ගෙවල් ගොඩනගාගන සිටින නුමුත් නුඹලා ඒවායේ වාසය නොකරන්නහුය; නුඹලා ප්‍රියවූ මිදිවතු වවාගන සිටින නුමුත් එයින් මුද්‍රිකපානය නොබොන්නහුය.


අප නටබුන්වී සිටින නුමුත් නාස්ති ඉඩම් නැවත ගොඩනගන්නෙමුයයි ඒදොම් කියන බැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔවුන් ගොඩනගන නුමුත් මම කඩාදමන්නෙමි. ඔවුන්ට: දුෂ්ටකමේ පළාතය කියාද ස්වාමීන්වහන්සේගේ උදහස සෑම කල්ම දරන සෙනඟය කියාද මනුෂ්‍යයෝ කියන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්