Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 5:3 - Sinhala Revised Old Version

3 ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් විශ්වාසකම දෙස යොමා තිබෙනවා නොවේද? ඔබ ඔවුන්ට පහරදුන්සේක, නුමුත් ඔවුන්ට රිදුණේ නැත; ඔබ ඔවුන් නාස්තිකළසේක, නුමුත් ඔව්හු හික්මවීම පිළිනොගෙනම සිටියෝය. ඔව්හු තමුන්ගේ මුහුණ පර්වතයකට වඩා දැඩිකරගෙන, හැරීඑන්ට අකැමැතිවූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 5:3
45 හුවමාරු යොමු  

එබැවින්: මොව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන් නුදුන්නාවූ, දැනමුතුකම පිළිනොගත්තාවූ ජාතියය. ඔවුන්ගේ මුඛයෙන් සැබෑව නැතිවී සිදී ගියායයි ඔවුන්ට කියන්න.


මා විසින් නුඹලාගේ දරුවන්ට පහරදුන්නා නිෂ්ඵලය; ඔවුන් දැනමුතුකම පිළිගත්තේ නැත. නුඹලාගේ කඩුව වනාහි විනාශකරන සිංහයෙකු මෙන් නුඹලාගේ ප්‍රොපේතවරුන් කාදැමුවේය.


මා විසින් ඈ ගැන නියමකළ සියල්ල ලෙස ඇගේ වාසස්ථානය සිඳදමනු නොලබන පිණිස: නුඹ මා කෙරෙහිම භයවී අවවාදය පිළිගන්නෙහියයි කීවෙමි. එහෙත් ඔව්හු අලුයම නැගිට තමුන්ගේ සියලු ක්‍රියාවල් දූෂ්‍යකළෝය.


එහෙත් සෙනඟ තමුන්ට පහරදුන් තැනන්වහන්සේ වෙතට නොහැරී, සේනාවල ස්වාමීන්වහන්සේ නොසෙවුවෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්, උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය. මේ ගැන නුඹ අණුවණ ලෙස ක්‍රියාකෙළෙහිය; මෙතැන් පටන් නුඹට විරුද්ධව යුද්ධ ඇතිවන්නේයයි කීවේය.


ඒ නිසා උන්වහන්සේ තමන්ගේ බලවත් උදහස සහ සටනේ දරුණුකම ඔවුන් කෙරෙහි වැගිරෙවුසේක; එයින් ඔවුන් වටකර ඔවුන්ට ගිනිඇල්ලූ නුමුත්, ඔව්හු එය නොදත්තෝය; එයින් ඔවුන් දැවූ නුමුත්, ඒක සිතට නොගත්තෝය.


තවද අපට දඬුවම්කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරවකළෙමුව. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල පියාණන්වහන්සේට යටත්ව ජීවත්වෙන්ට යුතු නොවේද?


එබඳු දේ කරන්නන්ට විරුද්ධව දෙවියන්වහන්සේගේ විනිශ්චය සැබෑවේ ප්‍රකාරයට පවත්නා බව දනිමුව.


නුඹේ අපවිත්‍රකම දූෂිතය. මක්නිසාද මා විසින් නුඹ පිරිසිදුකරමින් සිටි නුමුත් නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදුවුණේ නැත; මාගේ කෝපය නුඹ කෙරෙහි සංසිඳුවාගන්න තුරු නුඹ තවත් පිරිසිදුකරනු නොලබන්නෙහිය.


මන්ත්‍රණයෙන් උතුම්ව ක්‍රියාවෙන් බලවත්ව සිටින්නාවූ දෙවියන්වහන්සේය. එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස ඔබගේ ඇස් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සෑම මාර්ග දෙස ඇරී තිබේ.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක්: බලව, මම මේ නුවරටත් ඊට අයිති සියලුම දනව්වලටත් විරුද්ධව කී මුළු විපත්තිය ඒවා පිටට පමුණුවන්නෙමි; මක්නිසාද ඔව්හු මාගේ වචන නාසන ලෙස තමුන්ගේ කුළල් දැඩිකර ගත්තෝයයි කීසේකැයි කීවෝය.


එහෙත් ඔව්හු මාගේ බස් අසන්නේවත් තමුන්ගේ කන් යොමුකරන්නේවත් නැතුව, තමුන්ගේ කුළල් තදකරගෙන, තමුන්ගේ පියවරුන්ට වඩා නපුරුකම් කළෝය.


නුඹ දැඩි බවත් නුඹේ බෙල්ල යකඩ නහරයක් බවත් නුඹේ නළල පිත්තල බවත් මා දන්නා බැවින්,


නුඹ මෝඩයෙකු වංගෙඩියේ දමා ධාන්‍ය සමඟ මෝලෙන් කෙටුවත් ඔහුගේ මෝඩකම ඔහුගෙන් පහනොවන්නේය.


ඔව්හු මට පහරදුන්නෝය, නුමුත් මට රිදුණේ නැත; ඔව්හු මට ගැසුවෝය, නුමුත් ඒක මට දැනුණේ නැත; මට කොයි වේලේ ඇහැ ඇරේද? නැවත එය තවත් සොයන්නෙමියි නුඹ කියන්නෙහිය.


ස්වාමීන්වහන්සේගේ ඇස් දැනගැන්ම ඇත්තා බලාගන්නේය, නුමුත් ද්‍රෝහියාගේ වචන උන්වහන්සේ පෙරළාදමනසේක.


දුෂ්ටයා තමාගේ මුහුණ දැඩිකරගනියි; එහෙත් අවංක තැනැත්තා තමාගේ මාර්ගය කල්පනාකර බලයි.


බැලුව මැනව, අධ්‍යාත්මයෙහි සත්‍යතාවට ඔබ කැමැතිවනසේක. අප්‍රකාශවූ හෘදයෙහි ඔබ මට ඥානය දැනගන්ට සලස්වනසේක.


මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේදී තව තව ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කෙළේය.


මේ දේවලින්වත් නුඹලා මා කෙරෙහි හරිනොගැසී මට විරුද්ධව හැසුරුණොත්,


රජ නැවතත් තුන්වෙනි වර පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඇරියේය. පනසට අධිපතිවූ තුන්වෙනියාද නැගී ගොස් එලියා ඉදිරියෙහි දණින් වැටී යාච්ඤාකරමින්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, මාගේ ප්‍රාණයද ඔබගේ මෙහෙකරුවන්වූ මේ පනස්දෙනාගේ ප්‍රාණද ඔබගේ ඇස් හමුවෙහි අනර්ඝ වේවා.


යෙරුසලමේ මේ සෙනඟ නිරන්තරයෙන් අහක්ව සිටින හැටියට අහක්ව ගියේ මක්නිසාද? ඔව්හු වංචාව තදින් අල්වාගෙන: අපි හැරෙන්නේ නැතැයි කියති.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ගොස් යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් මෙසේ කියන්න–මාගේ වචනවලට කීකරුවෙන හැටියට නුඹලා දැනමුතුකම පිළිගන්නේ නැද්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


තද මුහුණුද දැඩි සිත්ද ඇති පුත්‍රයන් වන ඔවුන් වෙතට නුඹ යවමි; නුඹද: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න.


මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස මේ මුළු විපත්තිය අප පිටට පැමුණුණේය. එහෙත් අපේ අයුතුකම්වලින් හැරී ඔබගේ සැබෑකම තේරුම්ගන්නා පිණිස අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අපි කන්නලව් නොකෙළෙමුව.


තවද මා විසින් නුඹලාගේ සියලු නුවරවල දත් ශුද්ධකමද නුඹලාගේ සියලුම ස්ථානවල කෑම හිඟකමද දුන් නුමුත්, නුඹලා මා වෙතට හැරීනාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක:


පසුවදා වැඩිමහල් තැනැත්තී බාල තැනැත්තියට කථාකොට: බලව, ඊයේ රාත්‍රියේ මාගේ පියා සමඟ මම සයනයකෙළෙමි. අද රාත්‍රියෙහිත් අප විසින් ඔහුට මුද්‍රිකපානය පොවා අපේ පියාගෙන් වංශය රක්ෂාකරගන්නා පිණිස නුඹත් ඇතුල්ව ඔහු සමඟ සයනය කරන්නැයි කීවාය.


මේ දෙයට පසුවවත් යෙරොබොවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් උස් තැන්වලට පූජකයන් පත්කෙළේය. කැමතිවූ කොයි අය නුමුත් උස්තැන්වල පූජකයන් වීමට ඔහු කැපකෙළේය.


ඔබ බින්දාවූ ඇටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව.


ඔහු තමා සමඟ සමාදානයෙන් සිටි අයට විරුද්ධව අත් දිගුකෙළේය. තමාගේ ගිවිසුම කඩකෙළේය.


ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.


ඒ නිසා වැහිවලා නැවතුණේය, අන්තිම වර්ෂාවද නොආයේය; එහෙත් නුඹ වේශ්‍යාවෙකුගේ නළල ඇතුව, කිසි ලජ්ජාවක් නැතුව සිටියෙහිය.


මම කුල්ලකින් දේශයේ දොරටුවලදී ඔවුන් පොළාදැමුවෙමි; ඔවුන්ගේ දරුවන් ඔවුන් කෙරෙන් තුරන්කෙළෙමි; තමුන්ගේ මාර්ගවලින් හැරී නාවාවූ මාගේ සෙනඟ නැතිකෙළෙමි.


එහෙත් ඔව්හු නාසා, තමුන්ගේ කන් යොමු නොකර, නාසන ලෙසත් දැනමුතුකම පිළිනොගන්න ලෙසත් තමුන්ගේ කුළල් දැඩිකරගත්තෝය.


ඔවුන් අද දවස දක්වාම යටත්වුණේවත් භයවුණේවත් මා විසින් නුඹලා සහ නුඹලාගේ පියවරුන් ඉදිරියෙහි තැබූ මාගේ ව්‍යවස්ථාවේද නියෝගවලද ප්‍රකාරයට හැසුරුණේවත් නැත.


ඒ නිසා නුවරවල් දෙකක් තුනක් වතුර බීමට වෙන නුවරකට ගමන්කළෝය, නුමුත් සෑහීමට නොපැමුණුණෝය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මම ගොයම් වියළවීමෙන්ද ගොයම් රෝගයෙන්ද නුඹලාට පහරදුනිමි. නුඹලාගේ බොහෝවූ වතුද මිදිවතුද නුඹලාගේ අත්තික්කා ගස්ද ඔලීව ගස්ද පළඟැටි පණුවෝ කෑවෝය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මිසරයට ඇරියාක්මෙන් නුඹලා අතරට වසංගතය එවීමි. නුඹලාගේ තරුණයන් කඩුවෙන් මරාදැමීමි, නුඹලාගේ අශ්වයන්ද අල්ලාගෙනගියෙමි; නුඹලාගේ කඳවුරේ සේනාවල දුර්ගන්ධය නුඹලාගේ නාස්වලට වදින්ටත් සැලැස්වීමි. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


දෙවියන්වහන්සේ සොදොම සහ ගොමොරාව පෙරළාදැමුවාක්මෙන් නුඹලා අතරෙන් සමහරෙකු පෙරළා දැමුවෙමි, නුඹලා ගින්නෙන් ඇදගත් පෙනෙල්ලක් මෙන් වූවහුය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයිස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්