ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 5:18 - Sinhala Revised Old Version

පිලිස්තිවරු ඇවිත් රෙඵාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පිලිස්තිවරු අවුත් රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පිලිස්තිවරු අවුත් රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 5:18
8 හුවමාරු යොමු  

දසසතරවෙනි අවුරුද්දේදී කෙදොර්-ලායොමෙර්ද ඔහු සමඟ සිටි රජවරුද ඇවිත් අෂ්තෙරොත්-කර්ණයිම්හි සිටිය රෙඵාවරුන්ටත් හාම්හි සිටිය සූසිවරුන්ටත් කිරියාතායිම් සමබිමේ සිටි ඒමිවරුන්ටත්


ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේදී ගොස් දාවිත් සිටි අදුල්ලම් ගුහාවට බැස ගියෝය; පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන උන්නාහ.


පිලිස්තිවරු නැවතත් ඇවිත් රෙඵාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය.


ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් අදුල්ලම් ගුහාවේ සිටි දාවිත් වෙතට පර්වතයට ගියෝය; පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝය.


තවද ගොයම් කපන්නා ගොයම් එකතුකොට තමාගේ අතින් කරල් කපන්නාක්මෙන්ද රෙපාවරුන්ගේ මිටියාවතෙහි යමෙක් ගොයම් කරල් ඇහිඳගන්නාක්මෙන්ද සිදුවන්නේය.


එතනින් සීමාව යෙබූසිවරුන් වාසය කළ යෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත මැදින් නැගී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන්ද රෙඵාවරුන්ගේ මිටියාවතේ කෙළවරට උතුරෙන්ද තිබෙන කන්ද මුදුනට ගියේය.


යෝෂුවා උත්තරදෙමින්: නුඹලා මහත් සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට නුඹලාට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේද රෙඵාවරුන්ගේද රටෙන් කොටසක් එළිකර ගන්නැයි ඔවුන්ට කීවේය.


එතනින් සීමාව හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත ඉදිරිපිට රෙඵාවරුන්ගේ මිටියාවතෙහි උතුරට තිබෙන කන්දේ කෙළවරට බැස, එතනින් යෙබූසිවරුන්ට දකුණු පැත්තෙන් තිබෙන හින්නොම්ගේ මිටියාවතට බැස, එතනින් ඒන්-රොගෙල්ට බැස්සේය.