Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 17:15 - Sinhala Revised Old Version

15 යෝෂුවා උත්තරදෙමින්: නුඹලා මහත් සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට නුඹලාට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේද රෙඵාවරුන්ගේද රටෙන් කොටසක් එළිකර ගන්නැයි ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ජෝෂුවා පිළිතුරු දෙමින්, “ඔබ හැම මහා සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට ඔබට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේ ද රෙපායිම්වරුන්ගේ ද රටෙන් කොටසක් එළි කරගන්නැ”යි ඔවුන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ජෝෂුවා පිළිතුරු දෙමින්, “ඔබ හැම මහා සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට ඔබට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේ ද රෙපායිම්වරුන්ගේ ද රටෙන් කොටසක් එළි කරගන්නැ”යි ඔවුන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 17:15
12 හුවමාරු යොමු  

දසසතරවෙනි අවුරුද්දේදී කෙදොර්-ලායොමෙර්ද ඔහු සමඟ සිටි රජවරුද ඇවිත් අෂ්තෙරොත්-කර්ණයිම්හි සිටිය රෙඵාවරුන්ටත් හාම්හි සිටිය සූසිවරුන්ටත් කිරියාතායිම් සමබිමේ සිටි ඒමිවරුන්ටත්


ආබ්‍රම්ගේ ගවයන්ගේ එඬේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඬේරුන් අතරේ ඩබරයක් විය. එකල්හි කානානිවරුද පෙරිස්සිවරුද දේශයෙහි වාසයකළෝය.


නුමුත් නොදැන, පහර ලැබීමට සුදුසු දේ කළාවූ අය පහර ස්වල්පයක් ලබන්නේය. යමෙකුට බොහෝ දේ දෙනලද්දේද, ඔහුගෙන් බොහෝ දේ අයකරනු ලබන්නේය. යමෙකුට බොහෝ දේ භාරදෙනලද්දේද, ඔහුගෙන් වඩා ඉල්ලනු ලබන්නේය.


මේ කාරණා නිමවූ කල අධිපතීහු මා ළඟට ඇවිත් කථාකොට: ඉශ්‍රායෙල් සෙනඟත් පූජකයොත් ලෙවීවරුත් දේශවල වැසියන්වූ කානාන්වරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද යෙබූසිවරුන්ගේද අම්මෝනිවරුන්ගේද මෝවබ්වරුන්ගේද මිසරවරුන්ගේද අමෝරිවරුන්ගේද පිළිකුල් ක්‍රියා කරමින්, ඔවුන්ගෙන් වෙන්නොවී සිට,


පිලිස්තිවරු නැවතත් ඇවිත් රෙඵාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය.


පිලිස්තිවරු ඇවිත් රෙඵාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය.


මම නුඹට පෙරටුව දූතයෙකු යවා කානානිවරුන්ද අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන්නෙමි.


හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද රෙඵාවරුන්ද


යෝසෙප්ගේ පුත්‍රයෝ යෝෂුවාට කථාකොට: ස්වාමීන්වහන්සේ මේ දක්වා අපට ආශීර්වාදකළ බැවින් අප මහත් සෙනඟක්ව සිටියදී ඔබ එක කොටසක්ද එක පංගුවක්ද පමණක් අපට උරුමයක් කොට දුන්නේ මක්නිසාදැයි කීවෝය.


යෝසෙප්ගේ පුත්‍රයෝ කථාකොට: කඳුරට අපට මදිය. මිටියාවත් රටෙහි එනම් බෙත්-ෂෙයාන්හිද ඊට අයිති නුවරවලද යෙශ්‍රෙයෙල් මිටියාවතෙහිද වාසයකරන සියලු කානානිවරුන්ට යකඩ රථ තිබේයයි කීවෝය.


මෙසේ සෙනඟ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව පිටතට ගියෝය. සටන එප්‍රායිම් වනයෙහිදී සිදුවිය.


එප්‍රායිම් කඳු රටේ මීකා නම් මනුෂ්‍යයෙක් සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්