ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 5:13 - Sinhala Revised Old Version

දාවිත් හෙබ්‍රොන්හි සිට ආවාට පසු තවත් උප භාර්යාවන්ද භාර්යාවන්ද යෙරුසලමෙන් පාවාගත්තේය. තව පුත්‍රයෝද දූවරුද දාවිත් නිසා උපන්නෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාවිත් හෙබ්‍රොන්හි සිට පැමිණි පසු තවත් උපභාර්යාවන් ද භාර්යාවන් ද ජෙරුසලමෙන් පාවාගත්තේ ය. තව පුත්‍රයෝ ද දූවරු ද දාවිත්ට දාව උපන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දාවිත් හෙබ්‍රොන්හි සිට පැමිණි පසු තවත් උපභාර්යාවන් ද භාර්යාවන් ද ජෙරුසලමෙන් පාවාගත්තේ ය. තව පුත්‍රයෝ ද දූවරු ද දාවිත්ට දාව උපන්නෝ ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 5:13
11 හුවමාරු යොමු  

ධනවතාට බැටළු රැළවල්ද ගව රැළවල්ද ඉතා මහත් ගණනක් වූහ.


තමා ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ස්වාමීන්වහන්සේ විසින් පිහිටෙවු බවත් උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල් උදෙසා තමාගේ රාජ්‍යය උසස්කළ බවත් දාවිත් දැනගත්තේය.


ඔහුට කුමාරිකා භාර්යාවන් සත්සියයක්ද උපභාර්යාවන් තුන්සියයක්ද සිටියෝය. ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත හරවාගත්තෝය.


හෙබ්‍රොන්හිදී දාවිත්ට උපන් ඔහුගේ පුත්‍රයෝ මොව්හුය: කුලුඳුලා යෙස්‍රෙයෙලිය අහිනොවම්ගෙන් උපන් අම්නොන්ය. දෙවෙනියා කර්මෙලීය අබිගයිල්ගෙන් උපන් දානියෙල්ය;


උපභාර්යාවන්ගේ පුත්‍රයන් ඇතුළුව මොවුන් සියල්ලෝ දාවිත්ගේ පුත්‍රයෝය; තාමර් මොවුන්ගේ සහෝදරීය.


නුමුත් අබියා බලවත්විය, හෙතෙම භාර්යාවන් දහහතර දෙනෙකු පාවාගත්තේය, පුත්‍රයන් විසි දෙදෙනෙක්ද දූවරුන් දහසය දෙනෙක්ද ඔහුට දාව උපන්නෝය.


තමාගේ සිත ඉවත නොහැරෙන පිණිස ඔහු විසින් භාර්යාවන් වැඩිකර නොගත යුතුය. රන් රිදීද බොහෝසෙයින් සපයා නොගත යුතුය.


දාවිත් යෙස්‍රෙයෙල්හි අහිනොවම්ද පාවාගත්තේය; ඔවුන් දෙදෙනාම ඔහුට භාර්යාවූවෝය.