Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 5:13 - Sinhala New Revised Version 2018

13 දාවිත් හෙබ්‍රොන්හි සිට පැමිණි පසු තවත් උපභාර්යාවන් ද භාර්යාවන් ද ජෙරුසලමෙන් පාවාගත්තේ ය. තව පුත්‍රයෝ ද දූවරු ද දාවිත්ට දාව උපන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 දාවිත් හෙබ්‍රොන්හි සිට පැමිණි පසු තවත් උපභාර්යාවන් ද භාර්යාවන් ද ජෙරුසලමෙන් පාවාගත්තේ ය. තව පුත්‍රයෝ ද දූවරු ද දාවිත්ට දාව උපන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 දාවිත් හෙබ්‍රොන්හි සිට ආවාට පසු තවත් උප භාර්යාවන්ද භාර්යාවන්ද යෙරුසලමෙන් පාවාගත්තේය. තව පුත්‍රයෝද දූවරුද දාවිත් නිසා උපන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 5:13
11 හුවමාරු යොමු  

ධනවතාට බැටළු හා ගව පට්ටි ඉතා විශාල ගණනක් තිබිණි.


තමා ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් සමිඳාණන් වහන්සේ විසින් පත් කරනු ලැබූ බවත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල් උදෙසා තමාගේ රාජ්‍යය උසස් කරනු ලැබූ බවත් දාවිත් දැනගත්තේ ය.


ඔහුට රාජකීය, වංශවත්, භාර්යාවෝ‍ සත්සියයක් හා උපභාර්යාවෝ‍ තුන්සියයක් සිටියෝ ය. ඒ භාර්යාවෝ‍ ඔහුගේ සිත නොමඟ යැවූ හ.


හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය. කුලුඳුලා ජෙශ්‍රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නොන් ය. දෙවැනියා කර්මෙලීය අබිගායිල්ගෙන් උපන් දානියෙල් ය;


උපභාර්යාවන්ගේ පුත්‍රයන් ඇතුළු ව මොවුහු සියල්ලෝ දාවිත්ගේ පුත්‍රයෝ ය. තාමාර් මොවුන්ගේ සහෝදරී ය.


එහෙත්, අබියා බලවත් විය; හෙතෙම භාර්යාවන් දහහතරදෙනෙකු පාවාගත්තේ ය. පුත්‍රයෝ විසිදෙදෙනෙක් ද දූවරු දහසයදෙනෙක් ද ඔහුට දාව උපන්නෝ ය.


තවද, ඔහු තම සිත මුළා ව නොයන පිණිස බොහෝ භාර්යාවන් ද පාවා නොගත යුතු ය. තම වාසියට බොහෝ රන් රිදී ද සපයා නොගත යුතු ය.


දාවිත් ජෙශ්‍රෙයෙල්හි අහිනොවම් ද සරණපාවාගෙන සිටියේ ය. ඈ ද අබිගායිල් ද යන දෙදෙනා ම ඔහුට භාර්යාවෝ වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්