Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 17:17 - Sinhala Revised Old Version

17 තමාගේ සිත ඉවත නොහැරෙන පිණිස ඔහු විසින් භාර්යාවන් වැඩිකර නොගත යුතුය. රන් රිදීද බොහෝසෙයින් සපයා නොගත යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 තවද, ඔහු තම සිත මුළා ව නොයන පිණිස බොහෝ භාර්යාවන් ද පාවා නොගත යුතු ය. තම වාසියට බොහෝ රන් රිදී ද සපයා නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 තවද, ඔහු තම සිත මුළා ව නොයන පිණිස බොහෝ භාර්යාවන් ද පාවා නොගත යුතු ය. තම වාසියට බොහෝ රන් රිදී ද සපයා නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 17:17
22 හුවමාරු යොමු  

ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල් රජවූ සාලමොන් මේ දේ කිරීමෙන් පව්කළා නොවේද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත, ඔහුගේ දෙවියන්වහන්සේද ඔහුට ප්‍රේමකොට මුළු ඉශ්‍රායෙල් කෙරෙහි ඔහු රජකළසේක. එසේ වී නුමුත් ඔහු පවා අන්‍ය ජාතී ස්ත්‍රීන් විසින් පව්කරන්ට සලස්වනලද්දේය.


ඒ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියා සහ මවු අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය කියාද ඒ දෙදෙන එක මාංසය වන්නෝය කියාද කී බවත් නුඹලා කියෙවුවේ නැද්ද?


බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්. වස්තු වැඩිවුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්.


එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.


ආත්මයේ ඉතිරි කොටස උන්වහන්සේට තිබුණු නුමුත් උන්වහන්සේ එකෙකු නොසෑදූසේක්ද? එකෙකු සෑදුවේ මක්නිසාද? උන්වහන්සේ භක්තිවන්ත වංශයක් සෙවූ නිසාය. එබැවින් නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙන්න, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා.


මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්,


නුමුත් ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය.


තවද උන්වහන්සේ කථාකොට: සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැතැයි ඔවුන්ට කීසේක.


කටු අතරෙහි වපුරන ලද්දේ නම්, වචනය අසා, ලෝකය ගැන වෙහෙසීමෙන්ද වස්තුවේ රැවටිලිකාරකමෙන්ද වචනය යටවීමෙන් ඵල නොදරන තැනැත්තාය.


සාලමොන් රජුගේ පාන පාත්‍රා සියල්ලම රනින් විය. ලෙබනොන් වනය නම් ගෘහයේ සියලු භාජනත් පවිත්‍ර රනින් විය. එකක්වත් රිදීයෙන් නොවීය; රිදී වනාහි සාලමොන්ගේ දවස්වලදී අනර්ඝකොට සැලකුවේ නැත.


දාවිත් හෙබ්‍රොන්හි සිට ආවාට පසු තවත් උප භාර්යාවන්ද භාර්යාවන්ද යෙරුසලමෙන් පාවාගත්තේය. තව පුත්‍රයෝද දූවරුද දාවිත් නිසා උපන්නෝය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹට විරුද්ධව නුඹේම පවුලෙන් විපත්ති උපදවා, නුඹේ ඇස් ඉදිරියේදී නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වාසියෙකුට දෙන්නෙමි; හෙතෙම මේ සූර්යයා ඉදිරියෙහි නුඹේ භාර්යාවන් සමඟ සයනයකරන්නේය.


තවද රජ යෙරුසලමෙහි, රිදී ගල් මෙන්ද කිහිරි ගස් පහත ප්‍රදේශවල තිබෙන අත්තික්කා ගස් මෙන්ද ප්‍රමාණයෙන් බොහෝ වෙන්ට සැලැස්විය.


ඇරත් රජ රන් රිදී යෙරුසලමෙහි ගල් මෙන්ද, කිහිරි ගස් පාත රටෙහි තිබෙන අත්තික්කා ගස් මෙන්ද ගණනින් වැඩිවෙන්ට සැලැස්සුවේය.


රෙහොබොවම් තමාගේ සියලු භාර්යාවන්ටත් උප භාර්යාවන්ටත් වඩා අබ්සලොම්ගේ දූවූ මයකාට ආදරේවිය. ඔහු භාර්යාවන් දහඅටදෙනෙකුත් උප භාර්යාවන් හැටදෙනෙකුත් පාවාගත්තේය, පුත්‍රයන් විසිඅටදෙනෙක්ද දූවරුන් හැටදෙනෙක්ද ඔහුට උපන්නෝය.


නුඹේ ශක්තිය ස්ත්‍රීන්ටත් නුඹේ මාර්ග රජවරුන් නාස්ති කරන්නියන්ටත් නොදෙන්න.


දාවිත් යෙරුසලමේදී තවත් භාර්යාවන් පාවාගත්තේය. දාවිත්ට දාව තව පුත්‍රයොත් දූවරුත් උපන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්