ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 4:2 - Sinhala Revised Old Version

සාවුල්ගේ පුත්‍රයාට ප්‍රහාරක යුද කණ්ඩායම් කෙරෙහි අධිපතියෝවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙකුගේ නම බානාය, අනික් අයගේ නම රේඛාබ්ය. ඔව්හු බෙන්යමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝය. (මක්නිසාද බෙයේරොත්ද බෙන්යමින් ගණනට ඇතුළත් කර තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සාවුල්ගේ පුත්‍රයාට කඩා වදින යුද කණ්ඩායම් භාර අධිපතියන් දෙදෙනෙක් සිටියහ; එක් කෙනෙකුගේ නම බානා ය; අනික් අයගේ නම රේකාබ් ය. මොවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝ ය. මන්ද, බෙයේරොත් ද බෙන්ජමින් වංශයට ඇතුළත් කර තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සාවුල්ගේ පුත්‍රයාට කඩා වදින යුද කණ්ඩායම් භාර අධිපතියන් දෙදෙනෙක් සිටියහ; එක් කෙනෙකුගේ නම බානා ය; අනික් අයගේ නම රේකාබ් ය. මොවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝ ය. මන්ද, බෙයේරොත් ද බෙන්ජමින් වංශයට ඇතුළත් කර තිබිණි.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 4:2
9 හුවමාරු යොමු  

අම්මොනිය ශෙලෙක්ය, ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බෙයේරොතිය නහරයිය;


ඉන්පසු දාවිත්ගේ සේවකයෝද යෝවාබ්ද කොල්ලකෑම පිණිස පිටත්ව ගොස් බොහෝ වස්තු ලබාගන හැරී ආවෝය. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නොසිටියේය; මක්නිසාද දාවිත් ඔහු යන්ට හැරියේය, ඔහු සමාදානයෙන් ගියේය.


තවද බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝවූ රේඛාබ්ද බානාද ගොස් දවල් ග්‍රීෂ්ම වේලාව පමණේදී ඊෂ්-බොෂෙත්ගේ ගෙට ඇතුල්වුණෝය, ඉරමුදුන් වේලාව නිසා ඔහු සැතපී උන්නේය.


දාවිත්ද බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයන් වන රේඛාබ්ටත් ඔහුගේ සහෝදරවූ බානාටත් උත්තර දෙමින්: සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය ගළවාගත් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම,


සිරියවරුන් හමුදා වශයෙන් පිටත්ව ගිය විටක ඔවුන් ඉශ්‍රායෙල් දේශයෙන් කුඩා කෙල්ලක් අල්ලාගෙන ඇවිත් තිබුණේය; ඈ නාමන්ගේ භාර්යාවට සේවයකළාය.


ඔහු ඔවුන්ට මහත් කෑමක් පිළියෙළ කෙළේය. ඔවුන් කෑවායින් බීවායින් පසු ඔහු ඔවුන් පිටත්කර හැරියේය, ඔව්හු තමුන්ගේ ස්වාමියා ළඟට ගියෝය. සිරියේ සේවා කණ්ඩායම් තවත් ඉශ්‍රායෙල් රටට නාවෝය.


ගිබියොන්ද රාමාද බෙයේරොත්ද,


මිශ්පේද කෙපිරාද මොශාද,


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට තුන්වෙනි දින ඔවුන්ගේ නුවරවලට පැමිණියෝය. ඔවුන්ගේ නුවරවල් නම් ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-යෙයාරීම් යන මේවාය.