2 සාමුවෙල් 3:33 - Sinhala Revised Old Version රජ්ජුරුවෝ අබ්නේර් ගැන විලාප ගීයක් කියමින්: මෝඩයෙක් මැරෙන්නාක් මෙන් අබ්නේර් මැරෙන්ට යුතුද? Sinhala New Revised Version රජ අබ්නේර් ගැන විලාප ගීයක් ගයමින් මෙසේ කීවේ ය: “කාලකණ්ණියෙකු මැරෙන සේ අබ්නේර් මිය යා යුතු ද? ඔබේ අත් නොබඳින ලද්දේ ය; Sinhala New Revised Version 2018 රජ අබ්නේර් ගැන විලාප ගීයක් ගයමින් මෙසේ කීවේ ය: “කාලකණ්ණියෙකු මැරෙන සේ අබ්නේර් මිය යා යුතු ද? ඔබේ අත් නොබඳින ලද්දේ ය; |
නුඹේ අත් නොබඳිනලද්දේය, නුඹේ පාදවල විලංගු නොදමනලද්දේය. දුෂ්ටයන් ඉදිරිපිට මනුෂ්‍යයෙක් වැටෙන්නාක්මෙන් නුඹ වැටුණෙහියයි කීවේය. නැවතද මුළු සෙනඟ ඔහු ගැන ඇඬුවෝය.
යෙරෙමියා වනාහි යොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේය. ගී කියන සියලු මිනිස්සුද ගීකියන සියලු ස්ත්‍රිහුද අද දක්වා තමුන්ගේ විලාප ගීතිකාවලින් යොෂියා ගැන කථාකරති; ඔව්හු ඒවා ඉශ්‍රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝය. ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ.
අයුක්තියෙන් සම්පත් උපදවාගන්නා තමා නොදැමූ බිජු රකින ඇටිකිකිළියෙකුට සමානය; ඔහුගේ දවස් මධ්‍යයේදී ඒවා ඔහු අත්හැර යන්නේය, මෙසේ ඔහු තමාගේ අන්තිමයේදී, අඥානයෙක් වන්නේය.
මිනිසුන් විසින් කියන්නාවූ විලාපය මේය; ජාතීන්ගේ දූවරුන් එයින් විලාප කියනවා ඇත. මිසරය ගැනත් එහි මුළු සමූහයා ගැනත් ඔවුන් එයින් විලාප කියනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.