2 සාමුවෙල් 22:9 - Sinhala Revised Old Version උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය. උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවුළුණේය. Sinhala New Revised Version එතුමාණන්ගේ නාස් පුඬුවලින් දුමක් නැඟිණි. එතුමන්ගේ මුවින් වනසන ගින්නක් නික්මිණි, එයින් ගිනි අඟුරු ඇවිළිණි. Sinhala New Revised Version 2018 එතුමාණන්ගේ නාස් පුඬුවලින් දුමක් නැඟිණි. එතුමන්ගේ මුවින් වනසන ගින්නක් නික්මිණි, එයින් ගිනි අඟුරු ඇවිළිණි. |
එකල ස්වාමීන්ගේ තරවටුවෙන්ද උන්වහන්සේගේ නාසා වාතය නිසාද සමුද්‍ර පතුල් ප්‍රකාශවුණේය, පොළොවේ අත්තිවාරම්ද ප්‍රකාශ විය.
දෙවියන්වහන්සේගේ හුස්මට ඔව්හු විනාශවන්නෝය, උන්වහන්සේගේ උදහස නමැති සුළං පහරින් ඔව්හු පහව යන්නෝය.
එවිට ස්වාමිනි, ඔබගේ තරවටුකිරීමෙන්ද ඔබගේ නාසා වාත වේගයෙන්ද ජල පාරවල් ප්‍රකාශවුණේය, ලෝකයේ අත්තිවාරම්ද ප්‍රකාශවිය.
උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය, උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවිළගත්තේය.
ස්වාමීන්වහන්සේ සීනයි කන්ද පිටට ගින්නෙන් බැස්ස බැවින් ඒක මුළුල්ල ධූමයෙන් වැසී තිබුණේය. එහි ධූමය උදුනක ධූමයමෙන් නැගුණේය, මුළු කන්ද බොහෝසෙයින් කම්පාවිය.
ස්වාමීන්වහන්සේගේ තේජසේ පෙනීම කන්ද මුදුනේ ඇවිළී යන ගිනි මෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ඇස්වලට පෙනුණේය.
ස්වාමීන්වහන්සේගේ නාමය උන්වහන්සේගේ ඇවිළෙන කෝපයද නගින්නාවූ ඝන දුම් කඳක්ද ඇතුව දුර සිට එන්නේය. උන්වහන්සේගේ තොල් උදහසින් පිරී තිබේ, උන්වහන්සේගේ දිවද දවා දමන ගින්නක් මෙන්ය.
මක්නිසාද පුරාණයේ සිට තෝපෙත් ගින්න පිළියෙළකර තිබේ; එසේය, රජුට ඒක සූදානම්කොට ගැඹුරුකර පළල්කර තිබේ. ඒ ගොඩ වනාහි ගිනි සහ දර සෑයක්ය; ගෙන්දගම් ඔයක් වැනි ස්වාමීන්වහන්සේගේ හුස්මට එය ඇවිළීයයි.
නුඹ නොදන්න දේශයකදී නුඹේ සතුරන්ට සේවයකරන්ට සලස්වන්නෙමි. මක්නිසාද මාගේ උදහසින් ගින්නක් ඇවිළ තිබේ, ඒක නුඹලා කෙරෙහි ඇවිළෙනවා ඇත.
එබැවින් නුඹලා ඔය වචනය කියන නිසා සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹේ මුඛයේ තිබෙන මාගේ වචන ගින්නක්ද මේ සෙනඟ දරද කරන්නෙමි, එයින් ඔවුන් දාලා යනවා ඇත.
මක්නිසාද මාගේ උදහසින් ගින්නක් ඇවිළී, ගැඹුරු පාතාලය දක්වාම දැවී යන්නේය, එයින් පොළොවද ඒකේ අස්වැන්නද විනාශ වන්නේය, කඳුවල අත්තිවාරම්ද දැවී යන්නේය.