2 සාමුවෙල් 22:45 - Sinhala Revised Old Version විදේශීහු මට යටත්කම පාන්නෝය. මා ගැන ඇසූ කෙණෙහිම ඔව්හු මට කීකරු වන්නෝය. Sinhala New Revised Version විදේශීහු බැගෑපත් ව මාගේ පිහිට පතා එන්නෝ ය. මා ගැන ඇසූ කෙණෙහි ම ඔවුහු මට කීකරු වෙති. Sinhala New Revised Version 2018 විදේශීහු බැගෑපත් ව මාගේ පිහිට පතා එන්නෝ ය. මා ගැන ඇසූ කෙණෙහි ම ඔවුහු මට කීකරු වෙති. |
ස්වාමීන්වහන්සේට එකතුවී සිටින විදේශියාද: ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ වෙතින් මා සැබවින් වෙන්කරනසේකැයි නොකියාවා. නපුංසකයාද: බලව, මම වියළි ගසක්යයි නොකියාවා.
ස්වාමීන්වහන්සේට මෙහෙකරන්ටත් උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්ටත් උන්වහන්සේගේ සේවකයන්ව සිටින්ටත් ස්වාමීන්වහන්සේට එකතුවන්නාවූ, සබත් දවස කඩනොකර ඒක රක්ෂාකරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිරලෙස පවත්වන්නාවූ විදේශීන්ද,
එකල සීමොන්ද විශ්වාසකොට, බව්තීස්ම කරනු ලැබ, පිලිප් සමඟ නිතර සිට, ඔහු කළ හාස්කම්ද මහත් ආශ්චර්යයන්ද දැක විස්මිතවූයේය.
එම්බා ඉශ්‍රායෙල්, නුඹ වාසනාවන්තය. ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ නුඹට සමාන කවුද? උන්වහන්සේ නුඹට උපකාර කරන පලිහත් නුඹේ මහිමයේ කඩුවත්ය. නුඹේ සතුරෝ නුඹට යටත් වන්නෝය; නුඹද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය.