ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 22:30 - Sinhala Revised Old Version

මක්නිසාද ඔබ කරණකොටගෙන සමුදාවකට විරුද්ධව දුවමි. මාගේ දෙවියන්වහන්සේ කරණකොටගෙන පවුරක් උඩින් පනිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබේ පිහිටෙන් මට හමුදාවක් වැනසිය හැකි ය. ඔබේ පිහිටෙන් පවුරු උඩින් පැන්න හැකි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබේ පිහිටෙන් මට හමුදාවක් වැනසිය හැකි ය. ඔබේ පිහිටෙන් පවුරු උඩින් පැන්න හැකි ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 22:30
6 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේගේ මාර්ගය වනාහි සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට පලිහක් වනසේක.


රජුද ඔහුගේ මිනිස්සුද රටේ වැසියන්වූ යෙබූසිවරුන්ට විරුද්ධව යෙරුසලමට ගියෝය. ඔව්හුද: දාවිත්ට මෙහි ඇතුල්වෙන්ට බැරියයි කියා දාවිත්ට කථාකොට–නුඹ මෙහි ඇතුල් නොවන්නෙහිය, අන්ධයන් හා කොරුන් නුඹ පහකරදමනවා ඇතැයි කීවෝය.


මක්නිසාද ඔබ කරණකොටගෙන හමුදාවකට විරුද්ධව දුවමි; මාගේ දෙවියන්වහන්සේ කරණකොටගෙන පවුරකින් පනිමි.


නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.


මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.