උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය. උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවුළුණේය.
2 සාමුවෙල් 22:16 - Sinhala Revised Old Version එකල ස්වාමීන්ගේ තරවටුවෙන්ද උන්වහන්සේගේ නාසා වාතය නිසාද සමුද්‍ර පතුල් ප්‍රකාශවුණේය, පොළොවේ අත්තිවාරම්ද ප්‍රකාශ විය. Sinhala New Revised Version එකල සමිඳුන්ගේ තරවටුවෙන් ද එතුමන්ගේ නාසයෙන් නික්මුණ වාත වේගයෙන් ද සමුද්‍ර පත්ල එළි පෙහෙළි විය; පොළොවේ පදනම් ද දිස් විය. Sinhala New Revised Version 2018 එකල සමිඳුන්ගේ තරවටුවෙන් ද එතුමන්ගේ නාසයෙන් නික්මුණ වාත වේගයෙන් ද සමුද්‍ර පත්ල එළි පෙහෙළි විය; පොළොවේ පදනම් ද දිස් විය. |
උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය. උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවුළුණේය.
මෙතැන් දක්වා එන්නෙහිය, මින් එහා නොයන්නෙහිය; නුඹේ උඩඟු රැළ පතර මෙහි නවතින්නේයයි කීවෙමි.
උන්වහන්සේ රතු මුහුදට තරවටුකළසේක, එය වියළුණේය. වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙනගියසේක.
දෙවියන්වහන්ස, ඔබ සදාකාලයටම අප පහකළේ කුමටද? ඔබගේ ගොදුරු බිමේ බැටළුවන්ට විරුද්ධව ඔබගේ උදහසේ දුම නගින්නේ මක්නිසාද?
එම්බා කඳු සහ පොළොවේ සවි අත්තිවාරම්, ස්වාමීන්වහන්සේගේ නඩුව අසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේට තමන්ගේ සෙනඟ සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ ඉශ්‍රායෙල් සමඟ විවාදකරනසේක.
උන්වහන්සේ මුහුදට තරවටුකොට, හින්දවා, සියලු ගංගාද හින්දවනසේක. බාෂාන්ද කර්මෙල්ද මැලවෙති, ලෙබනොන්හි දළුත් මැලවෙති.