ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 20:9 - Sinhala Revised Old Version

යෝවාබ් අමාසාට කථාකොට: මාගේ සහෝදරය, නුඹ සුවසේ සිටිනෙහිදැයි අමාසාට කියා ඔහු සිඹින්ට ඔහුගේ රැවුල දකුණතින් අල්ලාගත්තේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝවාබ් අමාසාට කතා කොට, “මාගේ සහෝදරය, ඔබ සුව සේ සිටින්නෙහි දැ”යි ඔහුට කියමින් ඔහු සිඹගන්නට ඔහුගේ රැවුල දකුණතින් අල්ලාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෝවාබ් අමාසාට කතා කොට, “මාගේ සහෝදරය, ඔබ සුව සේ සිටින්නෙහි දැ”යි ඔහුට කියමින් ඔහු සිඹගන්නට ඔහුගේ රැවුල දකුණතින් අල්ලාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 20:9
14 හුවමාරු යොමු  

යමෙක් ඔහුට වඳින්ට ළංවූ කල ඔහු තමාගේ අත දිගුකොට ඔහු අල්වා සිඹගත්තේය.


තවද අබ්සලොම්ද යෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා කෙළේය. අමාසා වූකලී නාහාෂ්ගේ දුවක්වද යෝවාබ්ගේ මවුවූ ශෙරුයාගේ සහෝදරියක්වද සිටි අබිගායිල් කරා පැමුණුණු ඉත්රා නම් ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙකුගේ පුත්‍රයාය.


අබ්සලොම් යෞවනයා සුවසේ සිටිනේදැයි රජ ඇසුවේය. එවිට අහිමයාශ්: යෝවාබ් විසින් රජ්ජුරුවන්ගේ මෙහෙකරුවාත් ඔබගේ මෙහෙකරුවූ මාත් එවන කොට මහත් කෝලාහලයක් දුටිමි, නුමුත් එය කිමෙක්දැයි නොදත්තෙමියි උත්තරදුන්නේය.


අබ්නේර් හෙබ්‍රොන්ට හැරී ආකල යෝවාබ් ඔහු සමඟ රහසින් කථාකරන්ට දොරටුවේ පැත්තකට කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේය. එසේ කළේ තමාගේ සහෝදරවූ අසාහෙල්ගේ ලේ සඳහාය. ඔහු මළේය.


ඔහු තමාට වඩා ධර්මිෂ්ඨවූ වඩා යහපත්වූ මනුෂ්‍යයන් දෙදෙනෙකු එනම් නේර්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් සේනාවට අධිපතියා වූ අබ්නේර්ටද යෙතෙර්ගේ පුත්‍රවූ යූදා සේනාවට අධිපතියා වූ අමාසාටද ගසා මාගේ පියවූ දාවිත් නොදැනුවත්ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින් ස්වාමීන්වහන්සේ ඔහුගේ ලේ ඔහුගේම හිස පිටට මෙසේ පමුණුවනවා ඇත.


ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය. ඔහුගේ වචන තෙලට වඩා මොළොක්ව තිබුණේය, එහෙත් ඒවා ඇදගත් කඩුය.


සිත නපුරුව තිබෙද්දී ජ්වලිතව තිබෙන තොල් රිදී බොර ගෑවාවූ මැටි භාජනයක්මෙනි.


මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ; එහෙත් සතුරෙකුගේ සිඹීම් අධිකව තිබේ.


එවිට නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට කඩුවෙන් පහරදී ඔහු මැරුවෝය.


භක්තිවන්තයා දේශයෙන් නැතිවී ගියේය, මනුෂ්‍යයන් අතරේ අවංක කෙනෙක් නැත. ඔවුන් සියල්ලෝම ලේ වගුරුවන පිණිස රැක සිටිති; එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසුකරගන්ට යති.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල ස්වාමීන්වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට නැගුටුවාදුන්සේක. ඔහු වනාහි බෙන්යමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත්‍රවූ වමත හුරු මනුෂ්‍යයෙක්වූ ඒහුද්ය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට ඔහු අත තෑග්ගක් යැවුවෝය.