සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයෝ දැක ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් අම්මොන් පුත්‍රයන් වෙතින් යෙරුසලමට හැරී ආයේය.
2 සාමුවෙල් 20:6 - Sinhala Revised Old Version දාවිත් අබිෂයිට කථාකොට: දැන් අබ්සලොම්ට වඩා, බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා අපට අනතුරුකරනවා ඇත. ඔහු පවුරු ඇති නුවරවල් අත්කරගෙන අපෙන් ගැළවී නොයන පිණිස, නුඹේ ස්වාමියාගේ සේවකයන් කැඳවාගන ඔහු ලුහුබැඳ යන්නැයි කීවේය. Sinhala New Revised Version දාවිත් අබිෂයිට කතා කොට, “අබ්සලොම්ට වඩා බික්‍රිගේ පුත් ෂෙබා අපට අනතුරු කරනු ඇත. ඔහු පවුරු ඇති නගර අත් කරගෙන අපෙන් ගැළවී නොයන පිණිස, ඔබේ ස්වාමියාගේ සේවකයන් කැඳවාගෙන ඔහු ලුහුබැඳ යන්නැ”යි කී ය. Sinhala New Revised Version 2018 දාවිත් අබිෂයිට කතා කොට, “අබ්සලොම්ට වඩා බික්‍රිගේ පුත් ෂෙබා අපට අනතුරු කරනු ඇත. ඔහු පවුරු ඇති නගර අත් කරගෙන අපෙන් ගැළවී නොයන පිණිස, ඔබේ ස්වාමියාගේ සේවකයන් කැඳවාගෙන ඔහු ලුහුබැඳ යන්නැ”යි කී ය. |
සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයෝ දැක ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් අම්මොන් පුත්‍රයන් වෙතින් යෙරුසලමට හැරී ආයේය.
උරියා දාවිත්ට කථාකොට: ගිවිසුම් පෙට්ටියද ඉශ්‍රායෙල්වරුද යූදාවරුද පැල්වල සිටිති; මාගේ ස්වාමිවූ යෝවාබ්ද මාගේ ස්වාමිහුගේ සේවකයෝද එලිමහනේ කඳවුරු බැඳගෙන සිටිති; එසේ නම් මම කන්ටත් බොන්ටත් මාගේ භාර්යාව සමඟ සයනයකරන්ටත් මාගේ ගෙදරට යම්ද? ඔබ ජීවත්වන බවද ඔබගේ ආත්මය ජීවත්වන බවද සැබෑවාසේම මම එසේ නොකරමියි කීය.
ඒ මනුෂ්‍යයාද: මට අත්පිට රිදී දහසක් ලැබුණත් රජුගේ පුත්‍රයාට විරුද්ධව මාගේ අත දිගුනොකරමි. මක්නිසාද කවුරුවත් අබ්සලොම් යෞවනයාට අත නොගසන ලෙස බලාගන්නය කියා අප අසාගන සිටියදී රජ්ජුරුවෝ ඔබටත් අබිෂයිටත් ඉත්තයිටත් අණකළහ.
තවද දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් යෝවාබ් යටතේද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි යටතේද තුනෙන් කොටසක් ගිත්තිය ඉත්තයි යටතේද පිටත්කර හැරියේය.
එබැවින් දැන් නැගිට පිටතට ගොස් ඔබගේ සේවකයන්ට කරුණාවෙන් කථාකළ මැනවි. ඔබ පිටත නොගියොත් ඔබ සමඟ අද රෑ කිසිවෙක් නොසිටින බවට ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුරමි. එයින් ඔබගේ බාලවයසේ පටන් දැන් දක්වා ඔබට සිදුවුණු සියලු අන්තරාවලට වඩා ඔබට අන්තරාවේයයි කීවේය.
ශෙරුයාගේ පුත්‍රයන් තුන්දෙනා වන යෝවාබ්ද අබිෂයිද අසාහෙල්ද එහි සිටියෝය. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් පාදවල ශීඝ්‍රකම තිබුණේය.
නුමුත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි රජුට උපකාරකොට පිලිස්තියයාට පහරදී ඔහු මැරුවේය. එවිට දාවිත්ගේ මිනිස්සු: ඉශ්‍රායෙල්ගේ පහන නොනිවන පිණිස ඔබ තවත් අප සමඟ යුද්ධයට නොයායුතුයයි දිවුරා දාවිත්ට කියා සිටියෝය.
ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියාව සිටියේය. ඔහු තමාගේ හෙල්ලය තුන්සිය දෙනෙකුට විරුද්ධව ඔසවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නාමයක් ලැබීය.
අබ්නේර් ගිබියොන්හි සටනේදී තමුන්ගේ සහෝදරවූ අසාහෙල් මැරූ නිසා යෝවාබ්ද ඔහුගේ සහෝදරවූ අබීෂයිද මෙසේ ඔහු මරාදැමුවෝය.
මම රජ මෙන් ආලේපලත්තෙම් නුමුත් අද දුර්වලව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයෝ වූ මේ මනුෂ්‍යයෝ මට සැර වැඩිය. නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස ස්වාමීන්වහන්සේ විපාක දෙනසේක්වයි කීවේය.
රජද: නුඹලාගේ ස්වාමිහුගේ සේවකයන් කැඳවාගන මාගේ පුත්‍රවූ සාලමොන් මාගේම අශ්වතරයා පිට නංවාගන ගීහොන්ට යන්න.
යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි තුන්දෙනාගෙන් ප්‍රධානියාව සිටියේය. ඔහු තමාගේ හෙල්ලය තුන්සිය දෙනෙකුට විරුද්ධව ඔසවා ඔවුන් මරා, තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය.
ඇරත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි ලුණු මිටියාවතේදී ඒදොම්වරුන්ගෙන් දහ අට දහසකට පහරදුන්නේය.
අපි කුමට නිකම් හිඳිමුද? නුඹලා රැස්වෙන්න, අපි පවුරු ඇති නුවරවලට වැද එහි නිශ්ශබ්දව සිටිමුව. මක්නිසාද අප ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ නිසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප විනාශයට පත්කොට වසදිය අපට පොවා තිබේ.
එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත්‍රවූ, යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයිටත් කථාකොට: සාවුල් ළඟට මා සමඟ කඳවුරට යන්නේ කවුදැයි ඇසුවේය. මම ඔබ සමඟ යමියි අබිෂයි කීවේය.