Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 20:5 - Sinhala Revised Old Version

5 මෙසේ අමාසා යූදා මනුෂ්‍යයන් අඬගස්වාගන එන්ට ගොස් ඔහුට නියමකළ කාලයට වඩා ප්‍රමාදවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මෙසේ අමාසා ජුදා සෙනඟ කැඳවන්නට ගිය නමුත්, ඔහුට නියම කළ කාලයට වඩා ප්‍රමාද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මෙසේ අමාසා ජුදා සෙනඟ කැඳවන්නට ගිය නමුත්, ඔහුට නියම කළ කාලයට වඩා ප්‍රමාද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 20:5
4 හුවමාරු යොමු  

තවද අමාසාට කථාකොට: නුඹ මාගේ ඇට සහ මාංශයත් නොවේද? නුඹ යෝවාබ් වෙනුවට සෑමකල්හිම මා ඉදිරියෙහි සේනාපතියාව සිටින්ට නොයෙදුණොත් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කියන්නැයි කියා ඇරියේය.


ඔහු සාමුවෙල් විසින් නිමකර තිබුණු කාලයේ හැටියට සත් දවසක් නැවතී සිටියේය. නුමුත් සාමුවෙල් ගිල්ගාල්ට නාවේය; සෙනඟද ඔහු වෙතින් විසිර ගියෝය.


දාවිත් අබිෂයිට කථාකොට: දැන් අබ්සලොම්ට වඩා, බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා අපට අනතුරුකරනවා ඇත. ඔහු පවුරු ඇති නුවරවල් අත්කරගෙන අපෙන් ගැළවී නොයන පිණිස, නුඹේ ස්වාමියාගේ සේවකයන් කැඳවාගන ඔහු ලුහුබැඳ යන්නැයි කීවේය.


පසුවදා උදය යොනාතාන් දාවිත් සමඟ නියම කරගත් වේලාවේදී කුඩා ළමයෙකු සමඟ කෙතට ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්