Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 21:17 - Sinhala Revised Old Version

17 නුමුත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි රජුට උපකාරකොට පිලිස්තියයාට පහරදී ඔහු මැරුවේය. එවිට දාවිත්ගේ මිනිස්සු: ඉශ්‍රායෙල්ගේ පහන නොනිවන පිණිස ඔබ තවත් අප සමඟ යුද්ධයට නොයායුතුයයි දිවුරා දාවිත්ට කියා සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි රජුට සහාය වී පිලිස්තියයාට පහර දී ඔහු මැරුවේ ය. එවිට දාවිත්ගේ සෙනඟ, “ඉශ්රායෙල්වරුන්ගේ පහන වැනි බලාපොරොත්තුව වන ඔබ, නො‍නිවෙන පිණිස තවත් අප සමඟ යුද්ධයට නො‍යා යුතු ය”යි දිවුරුම් දී දාවිත්ට කියා සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි රජුට සහාය වී පිලිස්තියයාට පහර දී ඔහු මැරුවේ ය. එවිට දාවිත්ගේ සෙනඟ, “ඉශ්රායෙල්වරුන්ගේ පහන වැනි බලාපොරොත්තුව වන ඔබ, නො‍නිවෙන පිණිස තවත් අප සමඟ යුද්ධයට නො‍යා යුතු ය”යි දිවුරුම් දී දාවිත්ට කියා සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 21:17
14 හුවමාරු යොමු  

මාගේ නාමය තබන්ට මා විසින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ මාගේ මෙහෙකරුවූ දාවිත්ට මා ඉදිරියෙහි නිතරම පහනක් තිබෙන පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.


මමත් නුඹලා සමඟ යමියි සෙනඟට රජ කීය. නුමුත් සෙනඟ: ඔබ නොගිය යුතුය. මක්නිසාද අප පලාගියත් ඔවුන් අප ගැන සලකන්නේ නැත; අපෙන් දෙකෙන් කොටසක් මැරුණත් අප ගැන සලකන්නේ නැත. නුමුත් ඔබ අපෙන් දස දාහක් මෙන්ය. එබැවින් අපට උපකාරකරන්ට සූදානම්ව ඔබ නුවර සිටියොත් මැනවැයි කීවෝය.


එහි දාවිත්ගේ අඟ ලියලවන්නෙමි. මාගේ අභිෂේකලත් තැනැත්තාට පහනක් පිළියෙළකෙළෙමි.


එහෙත් දාවිත් නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහුට පසුව ඔහුගේ පුත්‍රයා නැගිටවීමෙන්ද යෙරුසලම ස්ථිරකිරීමෙන්ද යෙරුසලමේ ඔහුට පහනක් දුන්සේක.


ඔහු ඇවිළෙන්නාවූ බබළන්නාවූ පහනව සිටියේය. නුඹලාද කාලයක් ඔහුගේ එළියෙහි ප්‍රීතිමත්වන්ට කැමැතිව සිටියහුය.


රජුන්ට ගැළවීම දෙන්නෙත් ස්වකීය මෙහෙකරුවූ දාවිත් හිංසා කරන කඩුවෙන් මුදාගන්නෙත් උන්වහන්සේය.


දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.


මක්නිසාද ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පහනය. ස්වාමීන්වහන්සේ මාගේ අන්ධකාරය ආලෝකකරනසේක.


මාගේ විපත්ති දවසේදී ඔව්හු මට විරුද්ධව ආවෝය. නුමුත් ස්වාමීන්වහන්සේ මාගේ ආධාරය වූසේක.


ඉතින් දැන් පවුලේ සියල්ලෝ ඔබගේ දාසීට විරුද්ධව නැගිට: තමාගේ සහෝදරයා මැරූ තැනැත්තා ඔහු විසින් මරනලද සහෝදරයාගේ ප්‍රාණය උදෙසා අප විසින් මරන පිණිස අපට දෙන්න, මෙසේ අපි උරුමක්කාරයාත් විනාශ කරන්නෙමුයයි කියති. මේ ආකාරයෙන් මාගේ පුරුෂයාට පොළෝ මතුපිට නාමයක්වත් දරුවෙක්වත් නොපවතින ලෙස ඔවුන් මට ඉතුරුව තිබෙන අඟුර නිවනවා ඇතැයි කීවාය.


එකල කාරේයාගේ පුත්‍රවූ යොහානාන් මිශ්පාහිදී ගෙදලියාට රහසින් කථාකොට: මා ගොස් කිසිවෙකු නොදැනුවත්ව නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මරන පිණිස මට අවසර ලැබේවා. නුඹ වෙතට රැස්වී සිටින සියලු යුදෙව්වන් විසිර ගොස්, මෙසේ ඉතිරිව සිටින යූදාවරුන් නැතිවෙන හැටියට, ඔහු නුඹ මරන්නේ කුමටදැයි කීවේය.


තවද දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් යෝවාබ් යටතේද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි යටතේද තුනෙන් කොටසක් ගිත්තිය ඉත්තයි යටතේද පිටත්කර හැරියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්