ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 20:12 - Sinhala Revised Old Version

අමාසා වනාහි මහමාවත මැද ලෙයෙහි පෙරළී උන්නේය. ඉන්නිසා මුළු සෙනඟ නවතින බව ඒ මනුෂ්‍යයා දැක, අමාසා ළඟින් එන සියල්ලන් මෙසේ නවතින බව ඔහු දුටු කල්හි, ඔහු අමාසා මාවතෙන් කෙතට ගෙනගොස් ඔහු පිට රෙද්දක් හෙළුවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අමාසා වනාහි මහ මාවත මැද තමාගේ ලේ විලේ පෙරළෙමින් සිටියේ ය. ඒ නිසා හැම කෙනෙකු ම නවතින බව ඒ මිනිසාට පෙනී ගියේ ය. අමාසාගේ සිරුර ළඟින් එන සියල්ලන් මෙසේ නවතින බව ඔහු දුටු කල්හි, ඔහු එය මාවතෙන් කෙතට ගෙන ගොස් ඒ පිට රෙද්දක් හෙළුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අමාසා වනාහි මහ මාවත මැද තමාගේ ලේ විලේ පෙරළෙමින් සිටියේ ය. ඒ නිසා හැම කෙනෙකු ම නවතින බව ඒ මිනිසාට පෙනී ගියේ ය. අමාසාගේ සිරුර ළඟින් එන සියල්ලන් මෙසේ නවතින බව ඔහු දුටු කල්හි, ඔහු එය මාවතෙන් කෙතට ගෙන ගොස් ඒ පිට රෙද්දක් හෙළුවේ ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 20:12
7 හුවමාරු යොමු  

තවද අබ්සලොම්ද යෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා කෙළේය. අමාසා වූකලී නාහාෂ්ගේ දුවක්වද යෝවාබ්ගේ මවුවූ ශෙරුයාගේ සහෝදරියක්වද සිටි අබිගායිල් කරා පැමුණුණු ඉත්රා නම් ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙකුගේ පුත්‍රයාය.


එහෙත් ඔහු අහක්ව යන්ට අකැමැතිවිය. එබැවින් අබ්නේර් හෙල්ල මිටේ අගින් ඔහුගේ බඩට ඇන්නේය, හෙල්ලය ඔහුගේ පිටෙන් නික්මුණේය; ඔහු එතැනම මළේය. තවද අසාහෙල් වැටී මැරුණු තැනට ආ සියල්ලෝම නැවතුණෝය.


යෝවාබ්ගේ සේවකයන්ගෙන් එක්කෙනෙක් අමාසා ළඟ සිට: යෝවාබ්ට හිතවත්වූ දාවිත්ගේ පක්ෂයට සිටින්නාවූ කවුරු නුමුත් යෝවාබ් පස්සේ යේවයි කීවේය.


ඔහු මාවතින් අහක්කළායින් පසු මුළු සෙනඟ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබඳින පිණිස යෝවාබ් පස්සේ ගියෝය.


නුමුත් දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනාශයේ වළට බස්වනසේක. මිනීමරුවූ කපටි මනුෂ්‍යයෝ තමුන්ගේ ආයුසයෙන් අර්ධයක්වත් ජීවත් නොවන්නෝය; එහෙත් මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.


ස්වාමීන්වහන්සේ යුක්තිය ඉෂ්ටකොට තමන්ම දැක්වූසේක; දුෂ්ටයා තමා අතින් කළ ක්‍රියායෙහිම අසුවී සිටියි.