Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 20:11 - Sinhala Revised Old Version

11 යෝවාබ්ගේ සේවකයන්ගෙන් එක්කෙනෙක් අමාසා ළඟ සිට: යෝවාබ්ට හිතවත්වූ දාවිත්ගේ පක්ෂයට සිටින්නාවූ කවුරු නුමුත් යෝවාබ් පස්සේ යේවයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ජෝවාබ්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් අමාසා ළඟ සිට, “ජෝවාබ්ට හිතවත්, දාවිත්ට පක්ෂපාත කවුරු නමුත් ජෝවාබ් අනුව යත්වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ජෝවාබ්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් අමාසා ළඟ සිට, “ජෝවාබ්ට හිතවත්, දාවිත්ට පක්ෂපාත කවුරු නමුත් ජෝවාබ් අනුව යත්වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 20:11
6 හුවමාරු යොමු  

ඔහු මාවතින් අහක්කළායින් පසු මුළු සෙනඟ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබඳින පිණිස යෝවාබ් පස්සේ ගියෝය.


ඔහු කවුළුව දෙසට මුහුණ ඔසවා: මාගේ පැත්තට සිටින්නේ කවුද? කවුදැයි ඇසුවේය. එවිට නපුංසකයන් දෙතුන් දෙනෙක් ඔහු දෙස බැලුවෝය.


මේ කාරණය එසේ නොවේ. බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ එප්‍රයිම් කඳු රටේ මනුෂ්‍යයෙක් දාවිත් රජ්ජුරුවන්ට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. ඔහු පමණක් පාවා දෙන්න, එවිට මම නුවරින් අහක්ව යන්නෙමියි කීවේය. ඒ ස්ත්‍රීද: ඔහුගේ හිස පවුර උඩින් ඔබ වෙතට වීසිකරනු ලබන්නේයයි යෝවාබ්ට කීවාය.


තවද රජ අමාසාට කථාකොට: තුන් දවසකින් යූදා මනුෂ්‍යයන් මා වෙතට අඬගස්වන්න, නුඹත් මෙහි සිටින්නැයි කීය.


අමාසා වනාහි මහමාවත මැද ලෙයෙහි පෙරළී උන්නේය. ඉන්නිසා මුළු සෙනඟ නවතින බව ඒ මනුෂ්‍යයා දැක, අමාසා ළඟින් එන සියල්ලන් මෙසේ නවතින බව ඔහු දුටු කල්හි, ඔහු අමාසා මාවතෙන් කෙතට ගෙනගොස් ඔහු පිට රෙද්දක් හෙළුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්