ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 2:16 - Sinhala Revised Old Version

එවිට ඔව්හු එකිනෙකා තමතමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා කඩුවෙන් ළැපැත්තට ඇන එක්ව වැටුණෝය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට හෙල්කත්-හශ්ශුරීම් යන නම තබනලද්දේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ඔව්හු එකිනෙකා තම තමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා, කඩුවෙන් ළපැත්තට ඇන එකට වැටුණෝ ය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට මුවහත් පිහියා කෙත යන අර්ථය ඇති හෙල්කත්-හශ්ශුරීම් යන නම තබන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට ඔව්හු එකිනෙකා තම තමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා, කඩුවෙන් ළපැත්තට ඇන එකට වැටුණෝ ය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට මුවහත් පිහියා කෙත යන අර්ථය ඇති හෙල්කත්-හශ්ශුරීම් යන නම තබන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 2:16
7 හුවමාරු යොමු  

අබ්නේර්: තරුණයෝ නැගිට අප ඉදිරියෙහි ක්‍රීඩාකෙරෙත්වයි යෝවාබ්ට කීය. යෝවාබ්ද: ඔව්හු එසේ කෙරෙත්වයි කීය.


එවිට සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ට අයිති බෙන්යමින්වරුන්ගෙන් ගණන් වශයෙන් දොළොස් දෙනෙක්ද දාවිත්ගේ සේවකයන්ගෙන් දොළොස් දෙනෙක්ද නැගිට ගියෝය.


ඒ දවසේ සටන ඉතා බලවත්විය; අබ්නේර්ද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද දාවිත්ගේ සේවකයන්ට පැරදුණෝය.


එවිට අබ්නේර් යෝවාබ්ට අඬගසා: කඩුව නිතරම විනාශකරන්ටද? එයින් අන්තිමේදී තික්තකම හටගන්න බව නුඹ නොදන්නෙහිද? එසේවී නම් තමුන්ගේ සහෝදරයන් ලුහුබැඳ යාමෙන් හැරී එන්ට කියා නුඹ කොපමණ කල් සෙනඟට අණනොකර සිටිනෙහිදැයි කීවේය.


එකිනෙකා එක මනුෂ්‍යයෙකු බැගින් මැරුවේය; එවිට සිරියවරු පලාගියෝය, ඉශ්‍රායෙල්වරු ඔවුන් පස්සේ එළවාගන ගියෝය. සිරියේ රජවූ බෙන්-හදද් අශ්වයෙකු පිට නැගී අසරුවන් සමඟ ගැළවීගියේය.


එය යෙරුසලම් වාසි සියල්ලන්ට සැලවිය; එහෙයින් ඒ බිමට ඔවුන්ගේ භාෂාවෙන් අකෙල්දමයයි කියනලදී, එනම් ලේ බිමය.)


ඔවුන්ගේ සීමාව හෙල්කත්ද හලීද බෙටෙන්ද අක්ෂාප්ද,