Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 2:16 - Sinhala New Revised Version

16 එවිට ඔව්හු එකිනෙකා තම තමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා, කඩුවෙන් ළපැත්තට ඇන එකට වැටුණෝ ය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට මුවහත් පිහියා කෙත යන අර්ථය ඇති හෙල්කත්-හශ්ශුරීම් යන නම තබන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එවිට ඔව්හු එකිනෙකා තම තමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා, කඩුවෙන් ළපැත්තට ඇන එකට වැටුණෝ ය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට මුවහත් පිහියා කෙත යන අර්ථය ඇති හෙල්කත්-හශ්ශුරීම් යන නම තබන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 එවිට ඔව්හු එකිනෙකා තමතමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා කඩුවෙන් ළැපැත්තට ඇන එක්ව වැටුණෝය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට හෙල්කත්-හශ්ශුරීම් යන නම තබනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 2:16
7 හුවමාරු යොමු  

“තරුණයෝ නැඟිට අප ඉදිරියෙහි ක්‍රීඩා කරත් වා”යි අබ්නේර් ජෝවාබ්ට කී ය. ජෝවාබ් ද, “ඔව්හු එසේ කරත් වා”යි කීවේ ය.


එවිට සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට අයිති බෙන්ජමින්වරුන්ගෙන් ගණන් වශයෙන් දොළො‍ස් දෙනෙක් ද දාවිත්ගේ සේවකයන්ගෙන් දොළො‍ස් දෙනෙක් ද නැඟිට ගියහ.


ඒ දවසේ දී බලවත් සටනක් ඇති විය. අබ්නේර් ද ඉශ්රායෙල් සෙනඟ ද දාවිත්ගේ සේවකයන්ට පැරදුණෝ ය.


එවිට අබ්නේර් ජෝවාබ්ට අඬගසා, “මේ ඝාතනය සදහට ම කළ යුතු ද? එයින් අවසානයේ දී උග්‍ර දුක හටගන්න බව ඔබ නො‍දන්නෙහි ද? එසේ වී නම්, තමන්ගේ සහෝදරයන් ලුහුබැඳ යාමෙන් හැරී එන්නට කියා අණ නො‍කර ඔබ කොපමණ කල් සිටින්නෙහි දැ”යි ඇසී ය.


එකිනෙකා එක මිනිසෙකු බැගින් මැරූ හ. එවිට සිරියාවේ වැසියෝ පලා ගියහ. ඉශ්රායෙල්වරු ද ඔවුන් ලුහුබැඳ ගියහ. සිරියාවේ රජ වන බෙන්‍-හදද් අසෙකු පිට නැඟී සිය අශ්වාරෝහක පිරිසක් සමඟ ගැළවී ගියේ ය.


ජෙරුසලම් වැසි සියල්ලන්ට එය සැළ විය. එබැවින් ඔව්හු ඒ ඉඩමට ඔවුන්ගේ බසින් ‘ලේ බිම’ යන අරුත ඇති ‘අකෙල්දෙමා’ යයි කී හ.


ඔවුන්ගේ සීමාව හෙල්කත් ද හලී ද බෙටෙන් ද අක්ෂාප් ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්