ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 18:21 - Sinhala Revised Old Version

එවිට යෝවාබ්: ගොස් නුඹ දුටු කාරණා රජුට දන්වන්නැයි කූශියයාට කීවේය. කූශියයා යෝවාබ්ට වැඳ දිවුවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ජෝවාබ්, “ඔබ ගොස් දුටු දේ රජුට දන්වන්නැ”යි කුෂීය ජාතිකයාට කීවේ ය. ඔහු ජෝවාබ්ට වැඳ දිව්වේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට ජෝවාබ්, “ඔබ ගොස් දුටු දේ රජුට දන්වන්නැ”යි කුෂීය ජාතිකයාට කීවේ ය. ඔහු ජෝවාබ්ට වැඳ දිව්වේ ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 18:21
4 හුවමාරු යොමු  

යෝවාබ්ද: අද නුඹ ආරංචි ගෙන නොයන්න, වෙන දවසක ආරංචි ගෙනයන්ට පුළුවන. නුමුත් රජුගේ පුත්‍රයා මැරුණු නිසා අද ආරංචි ගෙනයන්ට එපායයි ඔහුට කීවේය.


එවිට ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් නැවතත් යෝවාබ්ට කථාකොට: කොහොම නුමුත් මටත් කූශියයා පස්සේ දුවන්ට අවසර දුනමැනවැයි කීවේය. යෝවාබ්ද: මාගේ පුත්‍රය, නුඹට සෑහෙන ආරංචි නැති කොට දුවන්නේ මක්නිසාදැයි ඇසුවේය.


එහෙත් ඔහු: මක්වෙතත් දුවමියි කීවේය. ඔහුද: දුවන්නැයි ඔහුට කීය. එවිට අහිමයාශ් සමභූමියේ මාවතින් දුවගොස් කූශියයා පසුකර ගියේය.


එවිට කූශියයා ආවේය. කූශියයා කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට ආරංචි තිබේ. මක්නිසාද ඔබට විරුද්ධව නැගුටුණු සියල්ලන්ගෙන් ස්වාමීන්වහන්සේ අද ඔබ උදෙසා පළිගත්සේකැයි කීවේය.