Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 18:22 - Sinhala Revised Old Version

22 එවිට ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් නැවතත් යෝවාබ්ට කථාකොට: කොහොම නුමුත් මටත් කූශියයා පස්සේ දුවන්ට අවසර දුනමැනවැයි කීවේය. යෝවාබ්ද: මාගේ පුත්‍රය, නුඹට සෑහෙන ආරංචි නැති කොට දුවන්නේ මක්නිසාදැයි ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එවිට ශාදොක්ගේ පුත් අහීමයාශ් යළිත් ජෝවාබ්ට කතා කොට, “කොහොම නුමුත්, මටත් ඒ කුෂීය ජාතිකයා පස්සේ දුවන්නට අවසර දුන මැනවැ”යි කීවේ ය. ජෝවාබ් ද, “මාගේ පුත්‍රය, ඔබ දුවන්නේ මන් ද? ඔබ ගෙනයන ආරංචියට ඔබට විපාකයක් ලැබෙන්නේ නැතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එවිට ශාදොක්ගේ පුත් අහීමයාශ් යළිත් ජෝවාබ්ට කතා කොට, “කොහොම නුමුත්, මටත් ඒ කුෂීය ජාතිකයා පස්සේ දුවන්නට අවසර දුන මැනවැ”යි කීවේ ය. ජෝවාබ් ද, “මාගේ පුත්‍රය, ඔබ දුවන්නේ මන් ද? ඔබ ගෙනයන ආරංචියට ඔබට විපාකයක් ලැබෙන්නේ නැතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 18:22
6 හුවමාරු යොමු  

කැතකම්ද මෝඩ කථාද නීච කවටකම්ද යන මේවාත් නුසුදුසුය. ඒවා නොව ස්තුතිකිරීම් පවත්වන්න.


තවද ඔවුන් දෙවියන්වහන්සේ දැනගන්ට අකැමැතිව සිටි බැවින්, නුසුදුසු දේ කරන පිණිස දෙවියන්වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවාදුන්සේක.


එවිට යෝවාබ්: ගොස් නුඹ දුටු කාරණා රජුට දන්වන්නැයි කූශියයාට කීවේය. කූශියයා යෝවාබ්ට වැඳ දිවුවේය.


එහෙත් ඔහු: මක්වෙතත් දුවමියි කීවේය. ඔහුද: දුවන්නැයි ඔහුට කීය. එවිට අහිමයාශ් සමභූමියේ මාවතින් දුවගොස් කූශියයා පසුකර ගියේය.


අබ්සලොම් යෞවනයා සුවසේ සිටිනේදැයි රජ ඇසුවේය. එවිට අහිමයාශ්: යෝවාබ් විසින් රජ්ජුරුවන්ගේ මෙහෙකරුවාත් ඔබගේ මෙහෙකරුවූ මාත් එවන කොට මහත් කෝලාහලයක් දුටිමි, නුමුත් එය කිමෙක්දැයි නොදත්තෙමියි උත්තරදුන්නේය.


එවිට ඵාරාවෝ ඔහුට කථාකොට: නුඹේ රටට යන්ට හදන්නේ මා ළඟ නුඹට මොන හිඟයක් වීදැයි ඇසුවේය. හිඟයක් නැත, එහෙත් කොහොම නුමුත් මට යන්ට අවකාශ දුනමැනවැයි ඔහු උත්තරදුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්