Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 18:31 - Sinhala Revised Old Version

31 එවිට කූශියයා ආවේය. කූශියයා කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට ආරංචි තිබේ. මක්නිසාද ඔබට විරුද්ධව නැගුටුණු සියල්ලන්ගෙන් ස්වාමීන්වහන්සේ අද ඔබ උදෙසා පළිගත්සේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එවිට කුෂීය ජාතිකයා ආවේ ය. ඔහු කතා කොට, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට ආරංචි තිබේ. මන්ද, ඔබට විරුද්ධ ව නැඟී ආ සියල්ලන්ගෙන් සමිඳාණන් වහන්සේ අද ඔබ උදෙසා පළිගත් සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එවිට කුෂීය ජාතිකයා ආවේ ය. ඔහු කතා කොට, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට ආරංචි තිබේ. මන්ද, ඔබට විරුද්ධ ව නැඟී ආ සියල්ලන්ගෙන් සමිඳාණන් වහන්සේ අද ඔබ උදෙසා පළිගත් සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 18:31
11 හුවමාරු යොමු  

එකල ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් කථාකොට: ස්වාමීන්වහන්සේ රජ්ජුරුවන් උදෙසා ඔහුගේ සතුරන්ගෙන් පළිගත් බව රජුට දන්වන පිණිස දුවන්ට මට අවසර ලැබේවයි කීවේය.


පළිගැනීම දකින කල ධර්මිෂ්ඨයා ප්‍රීතිවන්නේය. දුෂ්ටයාගේ ලෙයින් තමාගේ පාද සෝදාගන්නේය.


අහිමයාශ් මොරගසා: සියල්ල යහපතැයි රජුට කියා මුහුණින් බිමට නැමී රජුට වැඳ කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට විරුද්ධව තමුන්ගේ අත් එසෙවු මනුෂ්‍යයන් පාවාදුන් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීවේය.


ස්වාමීන්වහන්ස, මෙසේ ඔබගේ සියලු සතුරෝ විනාශවෙත්වා. නුමුත් උන්වහන්සේට ප්‍රේමකරන්නෝ සූර්යයා ස්වකීය වික්‍රමයෙන් නික්ම එන්නාක් මෙන් වෙත්වයි කීවෝය. දේශයද සතළිස් අවුරුද්දක් නිශ්චලව තිබුණාය.


පැත්තකටවී මෙහි සිටින්නැයි රජ ඔහුට කීය. ඔහු පැත්තකට වී සිටියේය.


එකල බේල්ටෙෂශර් නම්වූ දානියෙල් මොහොතක් පමණ විස්මපත්ව හිඳ, තමාගේ සිතිවිලි නිසා කැලඹුණේය. රජ කථාකොට: බේල්ටෙෂශර්, නුඹ ස්වප්නය ගැනවත් එහි අර්ථය ගැනවත් නොකැලඹෙන්නැයි කීවේය. බේල්ටෙෂශර් උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, ඒ ස්වප්නය ඔබට වෛරවෙන්නන්ටත් එහි අර්ථය ඔබගේ සතුරන්ටත් වේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්