අහිතොපෙල් කුමන්ත්‍රණකාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වනලද්දේය. එවිට දාවිත්: අහෝ, ස්වාමීන්වහන්ස, අහිතොපෙල්ගේ මන්ත්‍රණය මෝඩකමට හැරවුව මැනවයි කීවේය.
2 සාමුවෙල් 17:7 - Sinhala Revised Old Version හූෂයි අබ්සලොම්ට කථාකොට: අහිතොපෙල් මේ වතාවේ කළ මන්ත්‍රණය හොඳ නැතැයි කීවේය. Sinhala New Revised Version හූෂයි අබ්සලොම්ට කතා කොට, “අහිතොපෙල් මේ වතාවේ දී දුන් අවවාදය නම් හොඳ නැතැ”යි කීවේ ය. Sinhala New Revised Version 2018 හූෂයි අබ්සලොම්ට කතා කොට, “අහිතොපෙල් මේ වතාවේ දී දුන් අවවාදය නම් හොඳ නැතැ”යි කීවේ ය. |
අහිතොපෙල් කුමන්ත්‍රණකාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වනලද්දේය. එවිට දාවිත්: අහෝ, ස්වාමීන්වහන්ස, අහිතොපෙල්ගේ මන්ත්‍රණය මෝඩකමට හැරවුව මැනවයි කීවේය.
නුමුත් නුඹ නුවරට හැරී ගොස් අබ්සලොම්ට කථාකර–රජ්ජුරුවෙනි, මම ඔබගේ සේවකයා වෙමි; පළමු මම ඔබගේ පියාගේ සේවකයෙක්ව සිටියාක්මෙන් දැන් ඔබගේ සේවකයෙක් වෙමියි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්ට නුඹට පුළුවන් වන්නේය.
අහිතොපෙල්ද: ඔබගේ පියාණන් ගෙදර ප්‍රවේසම් කිරීමට සිටවා ගිය ඔහුගේ උපභාර්යාවන් කරා එළඹෙන්න; එවිට සියලු ඉශ්‍රායෙල්වරු ඔබගේ පියාණන්ට ඔබ පිළිකුලක්ව සිටින බව අසන්නෝය. එකල්හි ඔබ සමඟ සිටින සියල්ලන්ගේ අත් සවිවන්නේයයි අබ්සලොම්ට කීවෝය.
හූෂයි අබ්සලොම් ළඟට ආ කල්හි අබ්සලොම් ඔහුට කථාකොට: අහිතොපෙල් මේ ආකාරයෙන් කථාකෙළේය. ඔහුගේ කීම ලෙස කරමුද? නැත්නම් නුඹ කථාකරන්නැයි කීය.