Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 16:21 - Sinhala Revised Old Version

21 අහිතොපෙල්ද: ඔබගේ පියාණන් ගෙදර ප්‍රවේසම් කිරීමට සිටවා ගිය ඔහුගේ උපභාර්යාවන් කරා එළඹෙන්න; එවිට සියලු ඉශ්‍රායෙල්වරු ඔබගේ පියාණන්ට ඔබ පිළිකුලක්ව සිටින බව අසන්නෝය. එකල්හි ඔබ සමඟ සිටින සියල්ලන්ගේ අත් සවිවන්නේයයි අබ්සලොම්ට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 අහිතොපෙල් අබ්සලොම්ට පිළිතුරු දෙමින්, “ඔබේ පියාණන්ගේ ගෙදර ප්‍රවේසම් කරන පිණිස සිටුවා ගිය ඔහුගේ උපභාර්යාවන් වෙත පිවිසෙන්න; එවිට සියලු ඉශ්රායෙල්වරු ඔබේ පියාණන්ට ඔබ පිළිකුලක් ව සිටින බව අසන්නෝ ය. එකල්හි ඔබ සමඟ සිටින සියල්ලෝ ශක්තිසම්පන්න වන්නෝ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 අහිතොපෙල් අබ්සලොම්ට පිළිතුරු දෙමින්, “ඔබේ පියාණන්ගේ ගෙදර ප්‍රවේසම් කරන පිණිස සිටුවා ගිය ඔහුගේ උපභාර්යාවන් වෙත පිවිසෙන්න; එවිට සියලු ඉශ්රායෙල්වරු ඔබේ පියාණන්ට ඔබ පිළිකුලක් ව සිටින බව අසන්නෝ ය. එකල්හි ඔබ සමඟ සිටින සියල්ලෝ ශක්තිසම්පන්න වන්නෝ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 16:21
22 හුවමාරු යොමු  

දාවිත් යෙරුසලමෙහිවූ තමාගේ ගෙදරට පැමුණුණ විට ගෙය ප්‍රවේසම්කිරීමට රජු විසින් සිටුවාගිය උපභාර්යාවන් දසදෙනා රැගෙන හිරකර තබා ඔවුන් පෝෂ්‍යකෙළේය, නමුත් ඔවුන් කරා නොඑළඹුණේය. මෙසේ ඔව්හු මැරෙන දවස දක්වා හිරෙහිම වැන්දඹු භාවයෙහි සිටියෝය.


එවිට රජුද ඔහු අනුව ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද පිටත්ව ගියෝය. උප භාර්යාවන්වූ ස්ත්‍රීන් දසදෙනෙක් රජ තෙමේ ගෙදර බලාගැනීමට නවත්වා ගියේය.


එම්බා යූදා වංශය, එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා ජාතීන් අතරෙහි ශාපයක්ව සිටියාක්මෙන් නුඹලා ආශීර්වාදයක් වෙන හැටියට මම නුඹලා ගළවන්නෙමි. භය නොවෙන්න, නුඹලාගේ අත් බලවත් වේවා.


එබැවින් නුඹලාගේ අත් බලවත් වේවා. නුඹලා වික්‍රමාන්විතව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමිවූ සාවුල් මළේය, ඇරත් යූදා වංශය තමුන් කෙරෙහි රජකොට මා ආලේපකෙළේයයි කියන්ට කීවේය.


නුඹේ පියාගේ භාර්යාවගේ නග්නභාවය නොහරින්න. එය නුඹේ පියාගේ නග්නභාවයය.


මිත්‍යාදෘෂ්ටීන් අතරෙහිවත් නැති ආකාර වේශ්‍යාකමක් නුඹලා අතරෙහි තිබෙන බව ඇත්තටම ආරංචිය; එනම්, නුඹලාගෙන් කෙනෙක් තමාගේ පියාගේ භාර්යාව තබාගෙන ඉන්න බවය.


සාලමොන් රජ උත්තරදෙමින්; නුඹ අදොනියා උදෙසා ෂුනම්මිය අබිෂග් ඉල්ලන්නේ මන්ද? රජකමත් ඔහු උදෙසා ඉල්ලුව මැනවි; මක්නිසාද ඔහු මාගේ වැඩිමල් සහෝදරයාය; ඔහු උදෙසාත් පූජකවූ අබියාතර් සහ ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් උදෙසාත් ඉල්ලුව මැනවියි තමාගේ මෑණියන්ට කීවේය.


ඔහු: ෂුනම්මිය අබිෂග් මට භාර්යාකොට දෙන ලෙස සාලමොන් රජුට කථාකළ මැනවි, මක්නිසාද ඔහු නුඹේ ඉල්ලීම ඉෂ්ටනොකර නොසිටින්නේයයි කීවේය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹට විරුද්ධව නුඹේම පවුලෙන් විපත්ති උපදවා, නුඹේ ඇස් ඉදිරියේදී නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වාසියෙකුට දෙන්නෙමි; හෙතෙම මේ සූර්යයා ඉදිරියෙහි නුඹේ භාර්යාවන් සමඟ සයනයකරන්නේය.


ආකීෂ් දාවිත් විශ්වාසකොට: ඔහු තමාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් තමාට මුළුමනින් පිළිකුල්කරන්ට සලස්වාගත් බැවින් ඔහු සෑම කල්හිම මාගේ මෙහෙකරුවා වන්නේයයි කීවේය.


සාවුල් විසින් පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන් බවත් පිලිස්තිවරුන් ඉශ්‍රායෙල්ට පිළිකුල්කළ බවත් සියලු ඉශ්‍රායෙල්වරුන්ට සැලවිය. සෙනඟද ගිල්ගාල්හි සිටිය සාවුල් වෙතට රැස්වූවෝය.


තමාගේ පියාගේ භාර්යාව සමඟ සයනයකරන මනුෂ්‍යයා තම පියාගේ නග්නභාවය හැරීය බැවින් ඔවුන් දෙදෙනාම සැබවින් මරනු ලැබිය යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය.


ඈ තමාගේ ලේලී බව ඔහු නොදැන මාර්ගයෙහිදී හැරී ඈ ළඟට ගොස්: එන්න, නුඹ වෙත පැමිණෙන්ට මට ඉඩ අරින්නැයි කීවේය. ඈද: නුඹ මා කරා පැමිණෙන පිණිස මට කුමක් දෙන්නෙහිදැයි ඇසුවාය.


තවද ඉශ්‍රායෙල් ඒ දේශයෙහි වසන කල්හි රූබෙන් ගොස් තම පියාගේ උපභාර්යාවවූ බිල්හා සමඟ සයනයකෙළේය. ඉශ්‍රායෙල්ට එපවත් සැලවිය. යාකොබ්ගේ පුත්‍රයෝ දොළොස් දෙනෙක්ය.


එවිට යාකොබ් සිමියොන්ටත් ලෙවීටත් කථාකොට: දේශයේ වැසියන්වූ කානානිවරුන් සහ පෙරිස්සිවරුන් විසින් මා නුරුස්සනු ලබන්ට සැලැස්වීමෙන් නුඹලා මා හිරිහැරයට පත්කළහුය. ගණනින් ස්වල්පවූ මට විරුද්ධව ඔවුන් රැස්ව මට පහරදෙනවා ඇත; මා හා මාගේ පවුල විනාශවන්නේයයි කීය.


ඒ දවස්හි යෝධයෝ පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය.


එවිට අබ්සලොම් අහිතොපෙල්ට කථාකොට: අප විසින් කුමක් කටයුතුදැයි මන්ත්‍රණය කොට කියන්නැයි කීවේය.


හූෂයි අබ්සලොම්ට කථාකොට: අහිතොපෙල් මේ වතාවේ කළ මන්ත්‍රණය හොඳ නැතැයි කීවේය.


තවද අම්මොන් පුත්‍රයෝ දාවිත් ඉදිරියෙහි තමුන් පිළිකුල්වූ බව දැක පණිවිඩකාරයන් යවා බෙත්-රෙහෝබ්හි සිරියවරුන්ගෙනුත් ශෝබාහි සිරියවරුන්ගෙනුත් පාබළ සෙනඟ විසි දහසක්ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජුද ටෝබ්හි මිනිසුන් දොළොස් දහසක්ද කුලියට ගත්තෝය.


යොනාදාබ්ද: නුඹ ලෙඩින් ඉන්නාක්මෙන් නුඹේ යහනේ වැතිර හිඳ නුඹේ පියාණන් නුඹ බලන්ට ආකල ඔහුට කථාකොට–මාගේ සහෝදරීවූ තාමර් ඇවිත් මට කෑම දෙන්ටත් මට පෙනෙන ලෙස මා ඉදිරියෙහි කෑම පිළියෙළ කරන්ටත් ඇගේ අතින් මට එය කන්ටත් අවසර දුනමැනවියි ඔහුට කියන්නැයි කීවේය.


හදද් කළ අනතුර ඇර ඔහුද සාලමොන්ගේ සියලු දවස්වල ඉශ්‍රායෙල්වරුන්ට සතුරෙක්ව සිට, ඉශ්‍රායෙල්වරුන් පිළිකුල්කොට, සිරිය රට කෙරෙහි රජකම්කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්