මෙසේ දාවිත් හා ඔහුගේ මිනිසුන් මාර්ගයෙහි යද්දී ෂිමෙයි ඔහුට ඉදිරිපිටින් කන්දේ පැත්තකින් යනුයේ දෙස් කියමින්ද ඔහු දෙසට ගල්ගසමින් දූලි දම දමාද ගියේය.
2 සාමුවෙල් 16:12 - Sinhala Revised Old Version සමහරවිට මට කරනලද අයුක්තිය දෙස ස්වාමීන්වහන්සේ බලා, අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනවා ඇතැයි කීවේය. Sinhala New Revised Version සමහර විට මට කරන ලද අයුක්තිය දෙස සමිඳාණන් වහන්සේ බලා, අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනු ඇතැ”යි කී ය. Sinhala New Revised Version 2018 සමහර විට මට කරන ලද අයුක්තිය දෙස සමිඳාණන් වහන්සේ බලා, අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනු ඇතැ”යි කී ය. |
මෙසේ දාවිත් හා ඔහුගේ මිනිසුන් මාර්ගයෙහි යද්දී ෂිමෙයි ඔහුට ඉදිරිපිටින් කන්දේ පැත්තකින් යනුයේ දෙස් කියමින්ද ඔහු දෙසට ගල්ගසමින් දූලි දම දමාද ගියේය.
ජීවමාන දෙවියන්වහන්සේට අපහාස කරන්ට අෂූර්හි රජු විසින් එවුවාවූ, ඔහුගේ සේවකවූ රබ්-ෂාකේගේ සියලු වචන සමහරවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අසා ඒ ඇසූ වචනවලට උන්වහන්සේ ප්‍රති තර්ජනයක් කරනසේක. එබැවින් තවම ඉතුරුව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පුකරන්නැයි කියන්නේයයි කීවෝය.
ඔබ එය දුටුසේක; මක්නිසාද ස්වකීය හස්තයෙන් විපාකදෙන පිණිස ඔබ නපුරුකම සහ වෛරය දෙස බලනසේක. අසරණ තැනැත්තේ ඔබට භාරවෙයි; ඔබ පියා නැත්තාගේ උපකාරකාරයාණෝ වූසේක.
ඔවුන් ශාපකළාවේ, නුමුත් ඔබ ආශීර්වාදකළ මැනව; ඔව්හු නැගිටින කල ලජ්ජාවන්නෝය, නමුත් ඔබගේ මෙහෙකරුවා ප්‍රීතිවන්නේය.
ඔබ මොබ යන ගේකුරුල්ලා මෙන්ද, ඉඟිලී යන වැහිලිහිණියා මෙන්ද, කාරණයක් නැතුව කරන ශාපය නොවදින්නේය.
ඔහුට පහරදුන් අයට උන්වහන්සේ පහරදුන්නාක්මෙන් උන්වහන්සේ ඔහුටත් පහරදුන්සේක්ද? නොහොත් ඔවුන් මැරුම්කෑවා වාගේ ඔහු මැරුම් කෑවේද?
සමහරවිට උන්වහන්සේ හැරී ඇවිත් තැවී, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔප්පුකිරීමට ආහාර පූජාවක්ද පාන පූජාවක්ද අඩංගුවූ ආශීර්වාදයක් දීලා යනවා ඇද්දෝයි දන්නේ කවුද?
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.
එසේ වුවත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ප්‍රේමකළ බැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාලාම්ට ඇහුම්කන් නොදී ඒ ශාපය ආශීර්වාදයකට හැරෙවුසේක.
දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල,
මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක.
ඈ බාරයක්වෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේට දෙන්නෙමි, දැළිපිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේයයි කීවාය.