ධෛර්යවත්ව සිටින්න, අපේ සෙනඟ උදෙසාත් අපේ දෙවියන්වහන්සේගේ නුවරවල් උදෙසාත් බලවත්ව සිටිමු. ස්වාමීන්වහන්සේ තමන්ට යහපත්ව පෙනෙන ලෙස කරනසේක්වයි කීය.
2 සාමුවෙල් 15:26 - Sinhala Revised Old Version නුමුත්–මම නුඹ කෙරෙහි ප්‍රසන්න නොවෙමියි උන්වහන්සේ කියනසේක් නම්, මම මෙහිය, උන්වහන්සේට යහපත්ව පෙනෙන ලෙස මට කරනසේක්වයි කීවේය. Sinhala New Revised Version එහෙත්, ‘නුඹ කෙරෙහි මම ප්‍රසන්න නොවෙමි’යි උන් වහන්සේ වදාරන සේක් නම්, මම මෙහි ය; උන් වහන්සේ කැමැති ලෙස මට කරන සේක් වා”යි කී ය. Sinhala New Revised Version 2018 එහෙත්, ‘නුඹ කෙරෙහි මම ප්‍රසන්න නොවෙමි’යි උන් වහන්සේ වදාරන සේක් නම්, මම මෙහි ය; උන් වහන්සේ කැමැති ලෙස මට කරන සේක් වා”යි කී ය. |
ධෛර්යවත්ව සිටින්න, අපේ සෙනඟ උදෙසාත් අපේ දෙවියන්වහන්සේගේ නුවරවල් උදෙසාත් බලවත්ව සිටිමු. ස්වාමීන්වහන්සේ තමන්ට යහපත්ව පෙනෙන ලෙස කරනසේක්වයි කීය.
වැලපීමේ කාලය නිමවූ කල දාවිත් තමාගේ ගෙට ඈ ගෙන්වාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වී ඔහුට පුත්‍රයෙකු බිහිකළාය. නුමුත් දාවිත් කළ ක්‍රියාව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව තිබුණේය.
මක්නිසාද මාගේ පියාගේ මුළු වංශය මාගේ ස්වාමිවූ රජු ඉදිරියෙහි මරණයට සුදුස්සෝ වූහ. එසේවී නමුත් ඔබගේම මේසයෙන් කන තැනැත්තන් අතරේ ඔබ ඔබගේ මෙහෙකරුවා සිටෙවුවෙහිය. ඒ නිසා රජ්ජුරුවන්ට තවත් කන්නලව් කරන්ට මට ඇති යුතුකම මොකදැයි කීය.
උන්වහන්සේ විශාල ස්ථානයකට මා ගෙනාසේක. උන්වහන්සේ මා කෙරෙහි ප්‍රසන්නවූ බැවින් මා මිදූසේක.
ඉශ්‍රායෙල් සිංහාසනය පිට ඔබ හිඳුවන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වුණාවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ සෑමකල්හිම ඉශ්‍රායෙල්ට ප්‍රේමකළ බැවින් විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ රජකොට පත්කළසේකැයි රජුට කීවාය.
ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා රජකොට තමන්ගේ සිංහාසනයෙහි ඔබ පිහිටුවන්ට ඔබ කෙරෙහි ප්‍රසන්නවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. ඔබගේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ප්‍රේමකළ බැවින් ඔවුන් සදාකාලයටම ස්ථිරකරන පිණිස ඔවුන්ට විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ ඔවුන් කෙරෙහි රජකොට පත්කළසේකැයි කීවාය.
මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය; මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා මොහුය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි; ඔහු ජාතීන්ට විනිශ්චය ගෙන එන්නේය.
නුඹ අත්හරිනලද්දීයයි තවත් කියනු නොලබන්නෙහිය, නුඹේ දේශයට පාළුයයි තවත් නොකියන්නෝය. නුඹ හෙප්ශීබා කියාද නුඹේ දේශය බෙයුලා කියාද කියනු ලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රසන්නය, නුඹේ දේශයද සරණපාවාගනු ලැබේ.
මේ මිනිහා, කෝනියා, නීචවූ බිඳුණු බඳුනක්ද? ඔහු අප්‍රියවූ භාජනයක්ද? ඔහු සහ ඔහුගේ වංශය අහක්කරනු ලැබ, ඔවුන් නොදන්න දේශයකට හෙළාදමනු ලබන්නේ මක්නිසාද?
එසේය, ඔවුන්ට යහපත කිරීම පිණිස මම ඔවුන් කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි, සැබවින් මාගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මේ දේශයෙහි ඔවුන් පිහිටුවන්නෙමි.
ස්වාමීන්වහන්සේ අප කෙරෙහි ප්‍රසන්නවනසේක්නම් කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත.
ආහාස්ට දාව හෙසකියා උපන්නේය; හෙසකියාට දාව මනස්සේ උපන්නේය; මනස්සේට දාව ආමොන් උපන්නේය; ආමොන්ට දාව යොෂියා උපන්නේය;
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට කථාකොට: අපි පව්කෙළෙමුව. ඔබවහන්සේට යහපත්ව පෙනෙන දෙයක් අපට කළමැනව; එහෙත් මේ වතාවේ අප ගැළවුවමැනවයි කීවෝය.
සාමුවෙල් කිසිවක් නොසඟවා ඒ සියල්ලම ඔහුට කීවේය. එවිට ඔහු: උන්වහන්සේ ස්වාමීන්වහන්සේය; උන්වහන්සේට යහපත්ව පෙනෙන හැටියට කරනසේක්වයි කීවේය.