Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 11:27 - Sinhala Revised Old Version

27 වැලපීමේ කාලය නිමවූ කල දාවිත් තමාගේ ගෙට ඈ ගෙන්වාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වී ඔහුට පුත්‍රයෙකු බිහිකළාය. නුමුත් දාවිත් කළ ක්‍රියාව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 වැලපීමේ කාලය නිම වූ විට දාවිත් තමාගේ නිවෙසට ඈ ගෙන්වා ගත්තේ ය. ඔහු ඈ සරණ පාවාගත්තේ ය. ඈ දාවිත්ට දාව පුත්‍රයෙකු ලැබුවා ය. එහෙත්, දාවිත් කළ ක්‍රියාව ගැන සමිඳාණන් වහන්සේ ඉතා අප්‍රසන්න වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 වැලපීමේ කාලය නිම වූ විට දාවිත් තමාගේ නිවෙසට ඈ ගෙන්වා ගත්තේ ය. ඔහු ඈ සරණ පාවාගත්තේ ය. ඈ දාවිත්ට දාව පුත්‍රයෙකු ලැබුවා ය. එහෙත්, දාවිත් කළ ක්‍රියාව ගැන සමිඳාණන් වහන්සේ ඉතා අප්‍රසන්න වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 11:27
16 හුවමාරු යොමු  

නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළුකොට සිතුවේ මක්නිසාද? නුඹ හිත්තීය උරියා කඩුවෙන් නසා ඔහුගේ භාර්යාව නුඹට භාර්යාව කොට ගත්තෙහිය, නුඹ වනාහි අම්මොන් පුත්‍රයන්ගේ කඩුවෙන් ඔහු මැරෙවුවෙහිය.


විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.


දෙවියන්වහන්සේ මේ කාරණයට අප්‍රසන්නවී ඉශ්‍රායෙල්ට පහරදුන්සේක.


ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා යෞවනියගේ පියාට රිදී ෂෙකෙල් පනසක් දෙන්ට ඕනෑය, ඔහු ඈට අවමාන්නකළ බැවින් ඈ ඔහුගේ භාර්යාව වන්නීය: ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටින්ට ඕනෑය.


ඔහු කළ දෙය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව තිබුණු බැවින් උන්වහන්සේ ඔහුද නැසූසේක.


ඔබ බොරු කියන්නන් විනාශකරනසේක. මිනීමරුවූ ප්‍රයෝගකාරවූ මනුෂ්‍යයාට ස්වාමීන්වහන්සේ පිළිකුල් කරනසේක.


යෙස්සේට දාව දාවිත් රජ උපන්නේය. දාවිත් රජුට දාව උරියාට භාර්යාව වී සිටිය ස්ත්‍රියගෙන් සාලමොන් උපන්නේය;


නුමුත්–මම නුඹ කෙරෙහි ප්‍රසන්න නොවෙමියි උන්වහන්සේ කියනසේක් නම්, මම මෙහිය, උන්වහන්සේට යහපත්ව පෙනෙන ලෙස මට කරනසේක්වයි කීවේය.


නාබොත් මළ බව ආහබ් ඇසූ විට ඔහු යෙස්‍රෙයෙලිය නාබොත්ගේ මිදිවත්ත අයිතිකරගන්න පිණිස එහි යන්ට පිටත්වුණේය.


ආහබ්ද: අහෝ මාගේ සතුර, නුඹ මා සොයාගත්තෙහිදැයි එලියාට කීය. ඔහුද: නුඹ සොයාගත්තෙමි. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙනදේ කරන්ට නුඹම භාරවී සිටිනෙහිය.


තමාගේ අසල්වාසියාගේ භාර්යාව වෙතට එළඹෙන්නා එසේමය; ඈට අතගසන කිසිවෙක් අච්චු නොලැබ නොසිටින්නේය.


ස්වාමීන්වහන්සේගෙන් තමුන්ගේ අදහස සඟවන පිණිස කාරණා ගැඹුරුකර, තමුන්ගේ ක්‍රියාවල් අන්ධකාරයෙහිකර: අප දකින්නේ කවුද? අප ඇඳිනගන්නේ කවුදැයි කියන්නාවූ අයට දුක්වේ.


මනුෂ්‍යයෙකුට ඔහුගේ නඩුවේදී අයුක්තිය කිරීමටත් ස්වාමීන්වහන්සේ සතුටු නොවනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්