එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, නුඹේ කෑම කොටස අඩුකර, නුඹට වෛරවෙන්නන්වූ නුඹේ සල්ලාල මාර්ගය ගැන ලජ්ජාවෙන් සිටින පිලිස්තිවරුන්ගේ දූවරුන්ගේ කැමැත්තට නුඹ භාරදුනිමි.
2 සාමුවෙල් 1:20 - Sinhala Revised Old Version පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීතිනොවන පිණිසද අචර්මඡේදිතයන්ගේ දූවරුන් ජයඝෝෂා නොකරන පිණිසද එය ගාත්හි නොදන්වව්, අෂ්කෙලොන් වීදිවල ප්‍රකාශනොකරව්. Sinhala New Revised Version ඒ ගැන ගාත්හි නොකියන්න; අෂ්කෙළොන් වීදිවල පළ නොකරන්න; එසේ කළොත්, පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීති වනු ඇත; විජාතිකයන්ගේ දූවරුන් ජය ඝෝෂා නඟනු ඇත. Sinhala New Revised Version 2018 ඒ ගැන ගාත්හි නොකියන්න; අෂ්කෙළොන් වීදිවල පළ නොකරන්න; එසේ කළොත්, පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීති වනු ඇත; විජාතිකයන්ගේ දූවරුන් ජය ඝෝෂා නඟනු ඇත. |
එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, නුඹේ කෑම කොටස අඩුකර, නුඹට වෛරවෙන්නන්වූ නුඹේ සල්ලාල මාර්ගය ගැන ලජ්ජාවෙන් සිටින පිලිස්තිවරුන්ගේ දූවරුන්ගේ කැමැත්තට නුඹ භාරදුනිමි.
යෙප්තා මිශ්පාහි තමාගේ ගෙදරට එන කොට ඔහුගේ දුව රබන්ද නැටුම්ද ඇතුව ඔහුගේ පෙරමගට ආවාය. ඈ වනාහි ඔහුගේ එකම දරුවාය. ඈ හැර ඔහුට පුතෙක්වත් දුවෙක්වත් නොවීය.
එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු අෂ්කෙලොන්ට ගොස් එහි මිනිසුන් තිස්දෙනෙකු මරා ඔවුන්ගෙන් කොල්ලකාගෙන තේරවිල්ල තෝරා දුන් අයට ඇඳුම් කුට්ටම් දුන්නේය. ඔහුගේ කෝපය ඇවිළී ඔහු තමාගේ පියාගේ ගෙදරට ගියේය.
යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය.
දාවිත් තමා ළඟ සිටි මනුෂ්‍යයන්ට කථාකොට: මේ පිලිස්තියයා මරා ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මනුෂ්‍යයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට මිගකියන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවුදැයි කීවේය.
ඔබගේ මෙහෙකරුවාවූ මම සිංහයාත් වලසාත් දෙන්නාම මැරුවෙමි. ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට නින්දාකළ මේ අචර්මඡේදිත පිලිස්තියයාත් උන්ගෙන් එකෙකු මෙන් වන්නේයයි සාවුල්ට කීවේය.
තවද දාවිත් පිලිස්තියයා මරා හැරී එන මාර්ගයේදී කාන්තාවෝ සියලු ඉශ්‍රායෙල් නුවරවලින් නික්ම ගායනාකරමින්ද නටමින්ද රබානුත් ප්‍රීති හඬත් අත්තාලමුත් ඇතුව සාවුල් රජ්ජුරුවන්ගේ පෙරමගට ආවෝය.
එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස නුඹේ කඩුව ඇද මට අනින්නැයි කීය. නුමුත් ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කරන්ට කැමතිවුණේ නැත; මක්නිසාද ඔහු ඉතා භයව සිටියේය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටුණේය.
පිලිස්තිවරුන් විසින් අපරාධ පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේට දුන්නාවූ රන් ගඩු මේවාය: අෂ්දොද් උදෙසා එකක්ය, ගාසා උදෙසා එකක්ය, අෂ්කෙලොන් උදෙසා එකක්ය, ගාත් උදෙසා එකක්ය, එක්‍රොන් උදෙසා එකක්ය.