Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 14:19 - Sinhala Revised Old Version

19 එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු අෂ්කෙලොන්ට ගොස් එහි මිනිසුන් තිස්දෙනෙකු මරා ඔවුන්ගෙන් කොල්ලකාගෙන තේරවිල්ල තෝරා දුන් අයට ඇඳුම් කුට්ටම් දුන්නේය. ඔහුගේ කෝපය ඇවිළී ඔහු තමාගේ පියාගේ ගෙදරට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරේ පැමිණියේ ය. ඔහු අෂ්කෙලොන්ට ගොස්, එහි මිනිසුන් තිස්දෙනෙකු මරා, ඔවුන්ගෙන් කොල්ලකාගෙන ප්‍රහේලිකාව තෝරා දුන් අයට ඇඳුම් කට්ටල දුන්නේ ය. ඔහු ඉමහත් කෝපයෙන් ඇවිළී තමාගේ පියාගේ ගෙදරට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරේ පැමිණියේ ය. ඔහු අෂ්කෙලොන්ට ගොස්, එහි මිනිසුන් තිස්දෙනෙකු මරා, ඔවුන්ගෙන් කොල්ලකාගෙන ප්‍රහේලිකාව තෝරා දුන් අයට ඇඳුම් කට්ටල දුන්නේ ය. ඔහු ඉමහත් කෝපයෙන් ඇවිළී තමාගේ පියාගේ ගෙදරට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 14:19
9 හුවමාරු යොමු  

සාවුල් මේ වචන ඇසූ විට දෙවියන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ කෝපයද අතිශයින් ඇවුළුණේය.


ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකරමින් යුද්ධයට පිටත්ව ගියේය. ස්වාමීන්වහන්සේ මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම් ඔහු අතට පාවාදුන්සේක. ඔහුගේ අත කුෂන්-රිෂාතයිම්ට විරුද්ධව ජයගත්තේය.


ස්වාමීන්වහන්සේගේ ආත්මයද ශොරාටත් ඒෂ්තායොල්ටත් අතරෙහි වූ මහෙන්-දාන්හිදී ඔහු ක්‍රියාවෙහි පොළඹවන්ට පටන්ගත්තේය.


ඔහු ලෙහියට පැමිණිකල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැගුවෝය. ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ අත් බැඳ තිබුණු ලනු ගින්නෙන් දාලාගිය හණ මෙන් විය, තවද ඔහුගේ අත්වලින් බැඳුම් ලිහී වැටුණේය.


එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු තමාගේ අතේ කිසිවක් නැතුව එළුපැටවෙකු ඉරාදමන්නාක්මෙන් ඌ ඉරාදැමීය. නුමුත් ඔහු කළ දේ තමාගේ පියාටවත් මවුටවත් දැන්නුවේ නැත.


සත්වෙනි දවසේදී ඉරබසින්ට පළමුවෙන් නුවර මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: මීපැණිවලට වඩා මිහිරි කුමක්ද? සිංහයෙකුට වඩා බලවතා මොකෙක්දැයි ඔහුට කීවෝය. ඔහුද: නුඹලා මාගේ නෑම්බීගෙන් නොසෑහුනම් මාගේ තේරවිල්ල දැනගන්ට නොයෙදේයයි ඔවුන්ට කීවේය.


යූදා වනාහි ගාසා හා එහි පළාතද අෂ්කෙලොන් හා එහි පළාතද එක්‍රොන් හා එහි පළාතද අල්ලාගත්තේය.


එවිට ඔව්හු: උන්වහන්සේට මොන අපරාධ පූජාවක්දී හරින්නෙමුදැයි ඇසුවෝය. ඔව්හු කථාකොට: පිලිස්තිවරුන්ගේ අධිපතීන්ගේ ගණන ලෙස රන් ගඩු පසකුත් රන් මීයන් පසකුත්ය. මක්නිසාද නුඹලා සියල්ලන්ද නුඹලාගේ අධිපතීන්ද කෙරෙහි පැමුණුණේ එක පීඩාවක්ය.


පිලිස්තිවරුන් විසින් අපරාධ පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේට දුන්නාවූ රන් ගඩු මේවාය: අෂ්දොද් උදෙසා එකක්ය, ගාසා උදෙසා එකක්ය, අෂ්කෙලොන් උදෙසා එකක්ය, ගාත් උදෙසා එකක්ය, එක්‍රොන් උදෙසා එකක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්