ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 4:36 - Sinhala Revised Old Version

ඔහු ගෙහාසී කැඳවා: ඒ ෂුනෙම්මිය ස්ත්‍රියට අඬගසන්නැයි කීවේය. ඔහු ඈට අඬගැසුවේය. ඈ ඔහු ළඟට ආ කල: නුඹේ පුත්‍රයා අරගන්නැයි ඔහු කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු ගෙහාසී කැඳවා, “ඒ ෂුනම්මිය ස්ත්‍රියට අඬගසන්නැ”යි කී ය. ඔහු ඈට අඬගැසී ය. ඈ ඔහු ළඟට ආ කල, “ඔබේ පුත්‍රයා ගන්නැ”යි ඔහු කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු ගෙහාසී කැඳවා, “ඒ ෂුනම්මිය ස්ත්‍රියට අඬගසන්නැ”යි කී ය. ඔහු ඈට අඬගැසී ය. ඈ ඔහු ළඟට ආ කල, “ඔබේ පුත්‍රයා ගන්නැ”යි ඔහු කී ය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 4:36
8 හුවමාරු යොමු  

ඔව්හු ශෝභන තරුණියෙකු සියලු ඉශ්‍රායෙල් සීමා තුළ සොයා ෂුනම්මිය අබිෂග් සම්බවී ඈ රජු ළඟට ගෙනාවෝය.


එලියා ළමයා රැගෙන උඩුමහලින් ගෙට ගෙනැවිත් ඔහුගේ මවුට දී: මෙන්න, නුඹේ පුතා ජීවත්ව සිටීයයි කීවේය.


එවිට ඔහු හැරී ඇවිත් ගෙයි එහා මෙහා වරක් ඇවිද නැවත නැගී ගොස් ඔහු පිට දිගාවුණේය. එවිට ළමයා සත්වරක් කිඹිස ඇස් ඇරියේය.


ඈද ඇතුල්වී ඔහුගේ පාමුල වැටී බිමට නැමී වැඳ, ඇගේ පුත්‍රයා අරගන ගියාය.


ඔහු: ඒක අරගන්නැයි කීය. හෙතෙම අත දිගුකර ඒක ගත්තේය.


තවද එලිෂා විසින් නැවත පණ දුන්නාවූ ළමයාගේ මවුට ඔහු කථාකොට: නුඹේ ගෙයි වැසියන් සමඟ නුඹ පිටත්ව ගොස් නුඹට සිටින්ට පුළුවන් තැනක සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සාගතයක් නියමකර තිබේ; එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනවා ඇතැය කීවේය.


එවිට මළාවූ ඔහු නැගිට හිඳ කථාකරන්ට පටන්ගත්තේය. උන්වහන්සේ ඔහුගේ මෑණියන්ට ඔහු භාරදුන්සේක.


ස්ත්‍රීහු නැවත–නැගිටීමකින් තමුන්ගේ මළවුන් ලැබුවෝය. වෙන අය වඩා උතුම් නැවත–නැගිටීමක් ලබන පිණිස, මිදීම පිළි නොගෙන වධකරනු ලැබුවෝය.