Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 1:3 - Sinhala Revised Old Version

3 ඔව්හු ශෝභන තරුණියෙකු සියලු ඉශ්‍රායෙල් සීමා තුළ සොයා ෂුනම්මිය අබිෂග් සම්බවී ඈ රජු ළඟට ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔව්හු රුවැති තරුණියක මුළු ඉශ්රායෙල් දේශ සීමා තුළ සොයා, ෂුනම්මීය අබිෂග් නම් තරුණිය සම්බ වී ඈ රජු ළඟට ගෙනාවෝ‍ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔව්හු රුවැති තරුණියක මුළු ඉශ්රායෙල් දේශ සීමා තුළ සොයා, ෂුනම්මීය අබිෂග් නම් තරුණිය සම්බ වී ඈ රජු ළඟට ගෙනාවෝ‍ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 1:3
9 හුවමාරු යොමු  

ඔවුන්ගේ පළාතට යෙශ්‍රෙයෙල්ද කෙසුල්ලොත්ද ෂුනෙම්ද,


එවිට රජ්ජුරුවන්ට ප්‍රියව පෙනෙන තරුණිය වස්තී වෙනුවට බිසෝ වේවායි කීවෝය. ඒ කාරණාවට රජ ප්‍රසන්නවී එලෙස කෙළේය.


එවිට රජුට සේවයකළ ඔහුගේ මෙහෙකරුවෝ කථාකොට: රූපසම්පන්න කන්‍යා තරුණියන් රජු උදෙසා සොයත්වා.


එක් දවසක් එලිෂා ෂුනෙම්ට ගියේය. එහි සිටි උත්තම ස්ත්‍රියෙක් කෑම කන්ට ඔහුට පෙරැත්තකළාය. මෙසේ ඔහු යන එන සෑම විටම කෑම කන පිණිස එහි නැවතුණේය.


පිලිස්තිවරු රැස්වී ඇවිත් ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝය. සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කෙළේය, ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්තෝය.


මෙසේ ඈ ගොස් කර්මෙල් කන්දට, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට පැමිණියාය. තවද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඈ දුරදී දැක තමාගේ මෙහෙකරුවූ ගෙහාසීට කථාකොට: අන්න, අර ෂුනෙම්මිය ස්ත්‍රී එනවා.


එබැවින් ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: රජ්ජුරුවන් ඉදිරියෙහි සිටීමටත් ඔබට සාත්තුකාරියක් වී අපේ ස්වාමිවූ රජ්ජුරුවන්ට උණුහුම ලැබෙන පිණිස ඔබගේ ළයෙහි සැතපීමටත් සුදුසුවූ තරුණ කන්‍යාවක් අපේ ස්වාමිවූ රජ්ජුරුවන්ට සොයාදෙන්ට අපට අවසර ලැබේවයි කීවෝය.


තරුණියද ඉතා ශෝභනව සිටියාය; ඈ රජුට සාත්තුකාරියක් වී ඔහුට මෙහෙවර කළාය. එහෙත් රජ ඈ නොහැඳින්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්