Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 17:23 - Sinhala Revised Old Version

23 එලියා ළමයා රැගෙන උඩුමහලින් ගෙට ගෙනැවිත් ඔහුගේ මවුට දී: මෙන්න, නුඹේ පුතා ජීවත්ව සිටීයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එලියා ළමයා රැගෙන උඩු මහලින් ගෙට ගෙනවුත් ඔහුගේ මවට දී, “මෙන්න, ඔබේ පුතා ජීවත් ව සිටී”යයි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එලියා ළමයා රැගෙන උඩු මහලින් ගෙට ගෙනවුත් ඔහුගේ මවට දී, “මෙන්න, ඔබේ පුතා ජීවත් ව සිටී”යයි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 17:23
7 හුවමාරු යොමු  

ඔහු ඈට අත දී, නැගුටුවා, ශුද්ධවන්තයන්ද වැන්දඹුවන්ද කැඳවා, ජීවත්වූ ඈ ඔවුන්ට භාරදුන්නේය.


එවිට මළාවූ ඔහු නැගිට හිඳ කථාකරන්ට පටන්ගත්තේය. උන්වහන්සේ ඔහුගේ මෑණියන්ට ඔහු භාරදුන්සේක.


ස්ත්‍රීහු නැවත–නැගිටීමකින් තමුන්ගේ මළවුන් ලැබුවෝය. වෙන අය වඩා උතුම් නැවත–නැගිටීමක් ලබන පිණිස, මිදීම පිළි නොගෙන වධකරනු ලැබුවෝය.


ස්වාමීන්වහන්සේ එලියාගේ හඬට ඇහුම්කන්දුන්සේක; ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණ ඔහු ජීවත්වුණේය.


ස්ත්‍රීද: ඔබ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් බවත් ඔබගේ මුඛයෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනය සැබෑ බවත් දැන් දනිමියි එලියාට කීවාය.


ඔහු යන කල ඔහුගේ දාසයෝ ඔහු පෙරමගට ඇවිත් ඔහුගේ පුත්‍රයා ජීවත්ව සිටීයයි ඔහුට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්