ඔව්හු තමුන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළකොට උදය පටන් ඉරමුදුන් වේලාව දක්වා බාල්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: අහෝ, බාල්, ඔබ අපට උත්තරදුනමැනවයි කීවෝය. නුමුත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් නොවීය. ඔව්හු සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝය.
2 රාජාවලිය 4:31 - Sinhala Revised Old Version ගෙහාසී ඔවුන්ට ඉස්සරව ගොස් සැරයටිය ළමයාගේ මුහුණ පිට තැබුවේය; නුමුත් කිසි හඬක්වත් සැලකීමක්වත් නොවීය. එබැවින් ගෙහාසී ඔහුගේ පෙරමගට හැරී ඇවිත්: ළමයා පිබිදුණේ නැතැයි ඔහුට දැන්නුවේය. Sinhala New Revised Version ගෙහාසී ඔවුන්ට පෙරටුවෙන් ගොස් සැරයටිය ළමයා පිට තැබී ය. එහෙත්, කිසි හඬක් වත්, පිළිතුරක් වත් නො වී ය. එබැවින් ගෙහාසී ඔහුගේ පෙරමඟට හැරී අවුත්, “ළමයා පිබිදුණේ නැතැ”යි ඔහුට දැන්නුවේ ය. Sinhala New Revised Version 2018 ගෙහාසී ඔවුන්ට පෙරටුවෙන් ගොස් සැරයටිය ළමයා පිට තැබී ය. එහෙත්, කිසි හඬක් වත්, පිළිතුරක් වත් නො වී ය. එබැවින් ගෙහාසී ඔහුගේ පෙරමඟට හැරී අවුත්, “ළමයා පිබිදුණේ නැතැ”යි ඔහුට දැන්නුවේ ය. |
ඔව්හු තමුන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළකොට උදය පටන් ඉරමුදුන් වේලාව දක්වා බාල්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: අහෝ, බාල්, ඔබ අපට උත්තරදුනමැනවයි කීවෝය. නුමුත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් නොවීය. ඔව්හු සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝය.
ඉරමුදුන් වේලාව පසුවී සවස යාගය ඔප්පුකරන වේලාව දක්වා ඔව්හු ධර්මවාක්‍ය දෙසුවෝය; නුමුත් කිසි හඬක්වත් උත්තරදුන් කිසිවෙක්වත් සැලකූ කෙනෙක්වත් නොවීය.
එකල දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාරයාවූ ගෙහාසී කල්පනාකොට: බලව, මාගේ ස්වාමියා මේ සිරියවූ නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් පිළිනොගෙන නිකම් ඇරියේය. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔහු පස්සේ දිවගොස් ඔහුගෙන් මොකවත් ලබාගනිමියි කීවේය.
තවද එලිෂා විසින් නැවත පණ දුන්නාවූ ළමයාගේ මවුට ඔහු කථාකොට: නුඹේ ගෙයි වැසියන් සමඟ නුඹ පිටත්ව ගොස් නුඹට සිටින්ට පුළුවන් තැනක සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සාගතයක් නියමකර තිබේ; එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනවා ඇතැය කීවේය.
මනුෂ්‍ය තෙම සැතපුණු කල නොනැගිටින්නේය; අහස නැතිවීයන තුරු ඔව්හු නොපිබිදෙන්නෝය, තමුන්ගේ නින්දෙන් නැගුටුවනු නොලබන්නෝය.
මනුෂ්‍ය පුත්‍රය මේ මනුෂ්‍යයෝ තමුන්ගේ දේවරූප තමුන්ගේ සිත්වල පිහිටුවාගෙන, තමුන්ගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමුන්ගේ මුහුණු ඉදිරිපිට තබාගන සිටිති. මාගෙන් විභාගකරන්ට ඔවුන්ට කොහෙත්ම ඉඩදිය යුතුද?
පොළොවේ ධූලියෙහි සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව සහ සදාකාල නීචකමටත්, පිබිද එන්නෝය.
ගෙට ඇතුල්ව: නුඹලා ඝෝෂාකරන්නෙත් හඬන්නෙත් මක්නිසාද? දරුවා මැරිලා නොවේ, නිදන්නීයයි ඔවුන්ට කීසේක.
උන්වහන්සේ මෙසේ කියා, පසුව: අපගේ මිත්‍රවූ ලාසරුස් සැතපී ඉන්නේය; ඔහු පුබුදුවන පිණිස යමියි ඔවුන්ට කීසේක.
එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.
සාවුල්ද: මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්ට ඕනෑද? ඔබවහන්සේ ඔවුන් ඉශ්‍රායෙල් අතට පාවාදෙනසේක්දැයි දෙවියන්වහන්සේගෙන් විචාළේය. නුමුත් උන්වහන්සේ එදා ඔහුට උත්තර නුදුන්සේක.
සාවුල් ස්වාමීන්වහන්සේගෙන් විචාළ කල ස්වාමීන්වහන්සේ ස්වප්නවලින්වත් ඌරිම්වලින්වත් අනාගතවක්තෲන් ලවාවත් ඔහුට උත්තර නුදුන්සේක.