ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 4:20 - Sinhala Revised Old Version

වැඩකාරයා ඔහු රැගෙන ඔහුගේ මවු ළඟට ගෙනගියේය. ඔහු ඉරමුදුන් වේලාව දක්වා ඇගේ උකුළේ හිඳ මළේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

වැඩකාරයා ඔහු රැගෙන ඔහුගේ මවු ළඟට ගෙන ගියේ ය. ඔහු ඉර මුදුන් වේලාව දක්වා ඇගේ උකුලේ හිඳ මළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

වැඩකාරයා ඔහු රැගෙන ඔහුගේ මවු ළඟට ගෙන ගියේ ය. ඔහු ඉර මුදුන් වේලාව දක්වා ඇගේ උකුලේ හිඳ මළේ ය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 4:20
14 හුවමාරු යොමු  

උන්වහන්සේ: නුඹේ පුත්‍රවූ නුඹ ප්‍රේමකරන නුඹේ එකම පුත්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරවයි කීසේක.


යෝසෙප් ඉශ්‍රායෙල්ගේ වෘද්ධ වයසේ පුත්‍රයා බැවින් ඔහු තමාගේ සියලු පුත්‍රයන්ට වඩා ඔහුට ආදරයවූයේ, අත් ඇති දිග වස්ත්‍රයක් ඔහුට සාදාදුන්නේය.


යෝසෙප් ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කීවේය. ඔව්හු ඔහු කෙරෙහි වඩ වඩා වෛර වූවෝය.


ඉක්බිති මෙයින් පසු ගෙදර ස්වාමිදුවවූ ඒ ස්ත්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය; ඔහුගේ රෝගය කොපමණ බලවත් වීද යතහොත් ඔහු තුළ හුස්ම නැතිවිය.


එවිට ඔහු: අනේ මගේ ඔළුව, මගේ ඔළුව යයි තමාගේ පියාට කීය. පියාද: ඔහුගේ මවු ළඟට ඔහු ගෙනියන්නැයි තමාගේ වැඩකාරයාට කීවේය.


එවිට ඈ නැගී ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ ඇඳේ ඔහු බාවා දොර පියා පිටතට ගියාය.


ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතකනැතිකරන්ට ඈට පුළුවන්ද? එසේය, මොවුන්ට මතකනැතිවෙන්ට පුළුවන, එහෙත් මම නම් නුඹ මතකනැති නොකරන්නෙමි.


මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන් මම නුඹලා සනසන්නෙමි; යෙරුසලම තුළද නුඹලා සැනසෙනවා ඇත.


එසේය, නුඹේම ආත්මයට කඩුවකින් අනිනු ලැබේ; මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්හි කල්පනා එළිදරව්වන පිණිසයයි කීවේය.


උන්වහන්සේ නුවර දොරටුවට ළංවූ කල, බලව, මළාවූ කෙනෙක් පිටතට ගෙනයනලද්දේය. ඔහු තමාගේ මවුගේ එකම පුත්‍රයාය, ඈ වැන්දඹුවක්ය. ඒ නුවර බොහෝ සෙනඟක් ඈ සමඟ ආවෝය.


එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට පැහැදිලිලෙස කථාකොට: ලාසරුස් මැරිලාය.


එබැවින් ඔහුගේ සහෝදරියෝ: ස්වාමිනි, ඔබවහන්සේ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටීයයි උන්වහන්සේට කියා යැවුවෝය.


යේසුස්වහන්සේ මාර්තාටද ඇගේ සහෝදරීටද ලාසරුස්ටද ප්‍රේමකළසේක.