Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 22:2 - Sinhala Revised Old Version

2 උන්වහන්සේ: නුඹේ පුත්‍රවූ නුඹ ප්‍රේමකරන නුඹේ එකම පුත්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරවයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එවිට උන් වහන්සේ “නුඹ දැන්, නුඹේ පුත්‍රයා-නුඹ ප්‍රේම කරන නුඹේ එක ම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න, එහි ගොස්, මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එවිට උන් වහන්සේ “නුඹ දැන්, නුඹේ පුත්‍රයා-නුඹ ප්‍රේම කරන නුඹේ එක ම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න, එහි ගොස්, මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 22:2
18 හුවමාරු යොමු  

මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.


තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?


ආබ්‍රහම් පරීක්ෂාකරනු ලැබූ කල, ඇදහිල්ලෙන් ඊසාක් පූජාකළේය.


නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා වළක්වා නොගෙන මේ දෙය කළ බැවින්


දෙවියන්වහන්සේද: සැබවින්ම නුඹේ භාර්යාවවූ සාරා නුඹට පුත්‍රයෙකු බිහිකරන්නීය; නුඹ ඔහුට ඊසාක් යන නම තබන්න. ඔහුගෙන් පසු ඔහුගේ වංශයට සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම ඔහු සමඟ පිහිටුවන්නෙමි.


එකල ඔහු තමා වෙනුවට රජ වෙන්ට සිටි තමාගේ කුළුඳුල් පුත්‍රයා රැගෙන දවන පූජාවක් කොට පවුර පිට පුදකෙළේය. මහත් උදහසක්ද ඉශ්‍රායෙල් පිටට පැමුණුණේය. එවිට ඔව්හු ඔහු වෙතින් අහක්වී තමුන්ගේ දේශයට හැරී ගියෝය.


දේවදූතයා: නුඹේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය.


එකල සාලමොන් යෙරුසලමෙහි තමාගේ පියවූ දාවිත්ට ස්වාමීන්වහන්සේ පෙනුණු මොරියා කන්දේ යෙබූසියවූ ඔර්ණන්ගේ කමතේ දාවිත් විසින් නියමකළ ස්ථානයෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තේය.


දෙමස තීන්දුවූ කල ඈ ඇගේ පියා වෙතට හැරී ආවාය, එවිට ඔහු තමා වුණාවූ බාරය ඈ කෙරෙහි ඉෂ්ටකෙළේය. ඈ කිසි පුරුෂයෙකු ඇඳින නොගත්තාය.


මා සමාදානයෙන් අම්මොන් පුත්‍රයන් වෙතින් හැරී එන කල මා සම්මුඛවෙන්ට මාගේ ගෙයි දොරකඩින් පිටත්ව එන කුමක් වුවත් ඒ ස්වාමීන්වහන්සේට අයිති වන්නේය, මම එය දවන පූජාවක් කොට ඔප්පුකරන්නෙමියි කීවේය.


එවිට දෙවියන්වහන්සේ: ළමයා නිසාත් නුඹේ දාසිය නිසාත් කනගාටු නොවන්න; සාරා නුඹට කියන සියල්ල ගැන ඇගේ හඬට කන් දෙන්න; මක්නිසාද නුඹේ වංශය කියවෙන්නේ ඊසාක්ගෙන්ය.


නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය.


දහස් ගණන් බැටළුවන්ටවත් දස දහස් ගණන් තෙල් ගංගාවලටවත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක්ද? මාගේ වරද නිසා මාගේ කුලුඳුලාත් මාගේ ආත්මයේ පාපය නිසා මාගේ ශරීරයේ ඵලයත් දෙම්ද?


නෝවා ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා සියලු පවිත්‍ර සිව්පාවුන්ගෙන්ද සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද රැගෙන පූජාසනය පිට දවන පූජා පිදුවේය.


ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍රවූ ඊසාක්ද රැගෙන, දවන පූජාව පිණිස දර පළාගෙන, නැගිට දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය.


මෙසේ ඔව්හු දෙදෙනා එක්ව ගොස් දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට පැමුණුණෝය; එවිට ආබ්‍රහම් එහි පූජාසනය ගොඩනගා, දර පිළිවෙළින් තබා, තම පුත්‍රවූ ඊසාක් බැඳ පූජාසනය උඩ දර පිට තැබුවේය.


ආබ්‍රහම්ද තමාට උපන්නාවූ, සාරා තමාට බිහිකළාවූ තමාගේ පුත්‍රයාට ඊසාක් යන නම තැබීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්