Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 4:20 - Sinhala New Revised Version

20 වැඩකාරයා ඔහු රැගෙන ඔහුගේ මවු ළඟට ගෙන ගියේ ය. ඔහු ඉර මුදුන් වේලාව දක්වා ඇගේ උකුලේ හිඳ මළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 වැඩකාරයා ඔහු රැගෙන ඔහුගේ මවු ළඟට ගෙන ගියේ ය. ඔහු ඉර මුදුන් වේලාව දක්වා ඇගේ උකුලේ හිඳ මළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 වැඩකාරයා ඔහු රැගෙන ඔහුගේ මවු ළඟට ගෙනගියේය. ඔහු ඉරමුදුන් වේලාව දක්වා ඇගේ උකුළේ හිඳ මළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 4:20
14 හුවමාරු යොමු  

උන් වහන්සේ නුවර දොරටුවට ළං වූ කල, මළ මිනියක් පිටතට ගෙනෙන ලද්දේ ය. මළ තැනැත්තේ, සිය මවගේ එක ම පුත්‍රයා ය. ඈ ද වැන්දඹුවකි. නුවරවාසී විශාල පිරිසක් ඈ සමඟ ආහ.


එබැවින් ජේසුස් වහන්සේ පැහැදිලි ලෙස කතා කරමින්, “ලාසරස් මියගොස් ඇත.


ජේසුස් වහන්සේ මාර්තාට ද ඇගේ සොහොයුරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක.


එබැවින් ඒ සොහොයුරියෝ, “ස්වාමීනි, ඔබගේ හිතමිතුරා අසනීපයෙන් සිටී ය”යි උන් වහන්සේට දන්වා යැවූ හ.


එසේ ය, ඔබේ ම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙ‍න් තුවාළ වනු ඇත. මෙ‍සේ වන්නේ, බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිස ය”යි කී ය.


මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන් මම නුඹලා සනසන්නෙමි. නුඹලා ජෙරුසලම තුළ සනසනු ලබන්නහු ය.


සමිඳාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “මවකට හැකි ද, කුසේ දැරූ බිළිඳා අමතක කරන්න? හැකි ද ඈට ඇගේ ම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි.


ඉක්බිති ගෙදර ස්වාමි දූ වූ ඒ ස්ත්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය. ඔහුගේ රෝගය කොපමණ බලවත් වී ද යත්, ඔහුගේ හුස්මගැනීම නතර විය.


ජෝසෙප් සිහිනයක් දැක, තම සොහොයුරන්ට එය කීවේ ය. ඒ නිසා ඔව්හු ඔහුට වඩ වඩාත් වෛර කරන්නට වන්හ.


ඉශ්රායෙල් තම දරුවන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කෙළේ ය. මන්ද, ඔහු තම මහලු වියේ ලත් පුත්‍රයා බැවිනි. ඒ නිසා ඔහු ජෝසෙප්ට අත් ඇති, දිග විශේෂ ඇඳුමක් සාදා දුනි.


එවිට උන් වහන්සේ “නුඹ දැන්, නුඹේ පුත්‍රයා-නුඹ ප්‍රේම කරන නුඹේ එක ම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න, එහි ගොස්, මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැ”යි වදාළ සේක.


එවිට ඔහු, “අනේ! මාගේ ඔළුව කකියනවා ය; මාගේ ඔළුව කකියනවා ය”යි තම පියාට කී ය. පියා ද, “ඔහුගේ මවු ළඟට ඔහු ගෙනයන්නැ”යි තමාගේ වැඩකාරයාට කීවේ ය.


එවිට ඈ නැඟිට ගොස්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ ඇඳේ ඔහු බාවා, දොර වසා පිටතට ගියා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්