එවිට ඈ: ලේවලට පළිගන්න අය විසින් තවත් විනාශනොකරන පිණිසද ඔවුන් මාගේ පුත්‍රයා නැතිනොකරන පිණිසද රජ්ජුරුවෝ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකෙරෙත්වයි කීවාය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹේ පුත්‍රයාගේ ඉසකෙසක්වත් බිම නොවැටෙන්නේයයි කීවේය.
2 රාජාවලිය 25:24 - Sinhala Revised Old Version ගෙදලියා ඔවුන්ටත් ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම්දී කථාකොට: කල්දිවරුන්ගේ සේවකයන්ට භයනොවී දේශයෙහි වාසයකොට බබිලෝනියේ රජුට සේවයකරන්න, එවිට නුඹලාට ශුභසිද්ධවන්නේයයි කීවේය. Sinhala New Revised Version ගෙදලියා ඔවුන්ටත්, ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම් දී කතා කොට, “කල්දිවරුන්ගේ සේවකයන්ට බිය නොවී දේශයෙහි වාසය කොට බබිලෝනියේ රජුට සේවය කරන්න. එවිට ඔබට ශුභසිද්ධ වන්නේ ය”යි කී ය. Sinhala New Revised Version 2018 ගෙදලියා ඔවුන්ටත්, ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම් දී කතා කොට, “කල්දිවරුන්ගේ සේවකයන්ට බිය නොවී දේශයෙහි වාසය කොට බබිලෝනියේ රජුට සේවය කරන්න. එවිට ඔබට ශුභසිද්ධ වන්නේ ය”යි කී ය. |
එවිට ඈ: ලේවලට පළිගන්න අය විසින් තවත් විනාශනොකරන පිණිසද ඔවුන් මාගේ පුත්‍රයා නැතිනොකරන පිණිසද රජ්ජුරුවෝ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකෙරෙත්වයි කීවාය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹේ පුත්‍රයාගේ ඉසකෙසක්වත් බිම නොවැටෙන්නේයයි කීවේය.
බබිලෝනියේ රජු විසින් ගෙදලියා ආණ්ඩුකාරයා කොට පත්කළ බව සේනාවල සියලු අධිපතීන්ද ඔවුන්ගේ මිනිසුන්ද ඇසූ විට ඔව්හු එනම් නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද කාරියාගේ පුත්‍රවූ යෝහානාන්ද නෙටොපාතිය තන්හුමෙත්ගේ පුත්‍රවූ සෙරායාද මයකාතියයාගේ පුත්‍රවූ යාශනියාද ඔවුන්ගේ මිනිස්සුද ගෙදලියා ළඟට මිශ්පාට ආවෝය.
නුමුත් සත්වෙනි මාසයේදී රාජ වංශයේ එලිෂාමාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් දසදෙනෙකුන් සමඟ ඇවිත් ගෙදලියාටත් මිශ්පාහි ඔහු සමඟ සිටි යුදෙව්වරුන්ටත් කල්දිවරුන්ටත් පහරදී මැරුවේය.
පුරුෂයන්ද ස්ත්‍රීන්ද දරුවන්ද රජුගේ දූවරුන්ද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියා වෙත නවත්වා ගියාවූ සියලු ප්‍රාණීන්ද අනාගතවක්තෘවූ යෙරෙමියාද නේරියාගේ පුත්‍රවූ බාරුක්ද රැගෙන,