Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 රාජාවලිය 25:23 - Sinhala Revised Old Version

23 බබිලෝනියේ රජු විසින් ගෙදලියා ආණ්ඩුකාරයා කොට පත්කළ බව සේනාවල සියලු අධිපතීන්ද ඔවුන්ගේ මිනිසුන්ද ඇසූ විට ඔව්හු එනම් නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද කාරියාගේ පුත්‍රවූ යෝහානාන්ද නෙටොපාතිය තන්හුමෙත්ගේ පුත්‍රවූ සෙරායාද මයකාතියයාගේ පුත්‍රවූ යාශනියාද ඔවුන්ගේ මිනිස්සුද ගෙදලියා ළඟට මිශ්පාට ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 බබිලෝනියේ රජු ගෙදලියා ආණ්ඩුකාරයා කොට පත් කළ බව සේනාවල සියලු අධිපතීන් ද ඔවුන්ගේ මිනිසුන් ද ඇසූ විට ඔව්හු එනම්, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරියාගේ පුත් ජෝහානාන් ද නෙටොපාතිය තන්හුමෙත්ගේ පුත් සෙරායා ද මයකාති-යයාගේ පුත් ජාශනියා ද ඔවුන්ගේ මිනිසුන් ද මිශ්පා නගරයෙහි සිටි ගෙදලියා වෙත ආ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 බබිලෝනියේ රජු ගෙදලියා ආණ්ඩුකාරයා කොට පත් කළ බව සේනාවල සියලු අධිපතීන් ද ඔවුන්ගේ මිනිසුන් ද ඇසූ විට ඔව්හු එනම්, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරියාගේ පුත් ජෝහානාන් ද නෙටොපාතිය තන්හුමෙත්ගේ පුත් සෙරායා ද මයකාති-යයාගේ පුත් ජාශනියා ද ඔවුන්ගේ මිනිසුන් ද මිශ්පා නගරයෙහි සිටි ගෙදලියා වෙත ආ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 25:23
6 හුවමාරු යොමු  

අහොහිය ශල්මොන්ය, නෙටොපාතිය මහරයිය;


ගෙදලියා ඔවුන්ටත් ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම්දී කථාකොට: කල්දිවරුන්ගේ සේවකයන්ට භයනොවී දේශයෙහි වාසයකොට බබිලෝනියේ රජුට සේවයකරන්න, එවිට නුඹලාට ශුභසිද්ධවන්නේයයි කීවේය.


ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටියදී නෙබුසරදාන් කථාකොට: බබිලෝනියේ රජු විසින් යූදා නුවරවල ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට හැරී ගොස්, නුඹ ඔහු වෙත සෙනඟ අතරෙහි වාසයකරන්න; නැත්නම් නුඹට යන්ට පහසුයයි පෙනෙන කොතනට නුමුත් යන්නැයි කීවේය. තවද රැකවලුන්ගේ අධිපතියා ඔහුට ආහාරත් තෑග්ගකුත් දී ඔහු යන්ට හැරියේය.


මිශ්පේද කෙපිරාද මොශාද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්