2 රාජාවලිය 24:1 - Sinhala Revised Old Version ඔහුගේ දවස්වලදී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් පැමිණියේය, යෙහෝයාකිම්ද තුන් අවුරුද්දක් ඔහුට සේවයකොට පසුව ඔහුට විරුද්ධව කැරළිගැසුවේය. Sinhala New Revised Version ඔහුගේ දවස්වල දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් පැමිණ, ජුදා දේශය ආක්‍රමණය කළ පසු, ජෙහෝයාකිම් තුන් අවුරුද්දක් ඔහුට සේවය කොට පසු ව ඔහුට විරුද්ධ ව කැරලි ගැසී ය. Sinhala New Revised Version 2018 ඔහුගේ දවස්වල දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් පැමිණ, ජුදා දේශය ආක්‍රමණය කළ පසු, ජෙහෝයාකිම් තුන් අවුරුද්දක් ඔහුට සේවය කොට පසු ව ඔහුට විරුද්ධ ව කැරලි ගැසී ය. |
මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමන තරමට උන්වහන්සේගේ උදහස නිසා යෙරුසලමටත් යූදාටත් මෙසේ සිද්ධවුණේය.
එවිට දේශයේ සෙනඟ යොෂියාගේ පුත්‍රවූ යෙහෝවාහාස් කැඳවාගෙන, ඔහුගේ පියා වෙනුවට ඔහු යෙරුසලමෙහි රජකමට පත්කළෝය.
ඔබ වෙතින් අප ළඟට ආ යුදෙව්වන් යෙරුසලමට පැමිණ ඒ කැරළිකාර නපුරු නුවර ගොඩනගන බවත් පවුරු තීන්දුකර අත්තිවාරම අලුත්වැඩියාකරන බවත් රජතුමා දැනගනීවා.
යුද්ධයට නුවණත් බලයත් ඇතැයි යන නුඹේ කීම හිස් වචනය. ඉතින් නුඹ මට විරුද්ධව කැරළිගැසුවේ කා කෙරෙහි විශ්වාස කරගෙනද?
යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්ද වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ගේ පළමුවෙනි අවුරුද්දේදී යූදාහි මුළු සෙනඟ ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.
යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ දවස්වලදී ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනය මේය:
නුමුත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් දේශයට විරුද්ධව ආ කල අපි කථාකොට: එන්න, අපි කල්දිවරුන්ගේ සේනාවද සිරියේ සේනාවද නිසා යෙරුසලමට ඇතුල්වෙමුයයි කීවෙමුව; මෙසේ අපි යෙරුසලමෙහි වාසයකරමුයයි කීවෝය.
යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යොහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්දේදී මේ වචනය ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමුණුණේය.
යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්දේදී නේරියාගේ පුත්‍රවූ බාරුක් අනාගතවක්තෘවූ යෙරෙමියාගේ මුඛයෙන් අසා මේ වචන පොතක ලියූ විට යෙරෙමියා ඔහුට කී වචනයය.
මිසරය ගැනය. යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්දේදී ප්‍රාත් ගංගාව ළඟ කර්කෙමිෂ්හි සිටියාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් විසින් පහරදෙනලද මිසරයේ රජවූ ඵාරාවෝනෙකෝගේ සේනාව ගැනය.
ඉශ්‍රායෙල් විසිරගිය බැටළුවෙක්ය; සිංහයෝ ඔහු පන්නාදැමුවෝය. පළමුකොට අෂූර්හි රජ ඔහු ගොදුරට ගත්තේය; අන්තිමට බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ඔහුගේ ඇට බින්දේය.
එවිට ජාතීහු රටවලින් ඔහුට විරුද්ධව වටකරින් ඇවිත්, තමුන්ගේ දැල ඌ පිට හෙළුවෝය; ඌද ඔවුන්ගේ වළට අසුවිය.
එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ වනාහි අනාගතවාක්‍ය කියමින්, අත් දෙක එකට ගසන්න; කඩුව එනම් මරණීය තුවාල ලැබූ අය මරාදැමූ කඩුව නැවත තුන්වෙනි වරට පැමිණේවා. එය නම් මරණීය තුවාල ලැබූ උත්තමයා මරාදැමූ කඩුවය, එය ඔවුන්ගේ ඇතුල් ගෙවලට වදින්නේය.
යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේදී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් රජ යෙරුසලමට ඇවිත් ඒක වටලා ගත්තේය.
ස්වාමීන්වහන්සේද යූදාහි රජවූ යෙහෝයාකීම් සහ දෙවියන්වහන්සේගේ ගෘහයේ බඩුවලින් කොටසක් ඔහු අතට දුන්සේක; ඔහු ඒවා ෂීනාර් දේශයේ තමාගේ දෙවියන්ගේ ගෘහයට ගෙනැවිත්, ඒ බඩු තමාගේ දෙවියන්ගේ භාණ්ඩාගාරයෙහි තැබුයේය.
එසේය, රෞද්‍රවූ කඩිසරවූ ජාතියක් වන කල්දිවරුන් නැගුටුවමි; ඔව්හු තමුන්ට අයිති නැති වාසස්ථාන හිමිකරගන්ට පොළොවේ දුරස්තර තැන් දක්වාම යති.